මංගල්ලෙට දින 3 යි මෙගන්ගේ පියා එන්න බෑ කියයි

සරේ දැවැන්තම මංගල්‍යය ලෙස තව දින 3 කින් බ්‍රිතාන්‍ය යේ පවත්වන්නට සූදානම් වන බ්‍රිතාන්‍ය රජ පවුලේ රැජිණගේ මුණුපුරු හැරී කුමරුගේ මංගල්‍යය ලබන 19 වන සෙනසුරාදා පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර තිබියදී මනමාලිය මෙගන් මාකල්ගේ පියා වන ඇමරිකාවේ වාසය කරන තෝමස් මාකල් එම උත්සවයට එන්නට බැරි බව
දන්වා ඇත.

ඔහු ටීඑම්ඉසෙඩ් නැමති වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ තමාට හෘද රෝගී තත්වයක් පවතින නිසා එදින උත්සවයට සහභාගී නොවන බවයි.
විශේෂිත කාරණාව වන්නේ මෙගන් හැරී රාජකීය

මංගල්‍යය රජ මාලිගය මගින් නිවේදනය කර පසුගිය මාස ගණනාවක් තිස්සේ විවිධ මාධ්‍ය වාර්තා පළවුවද මෙගන්ගේ පියා සහ මනමාල හැරී එකිනෙකා මේ දක්වාම මුණගැසී නොතිබීමයි. එම විශේෂිත හමු මංගල දිනයේදී සිදුවනු ඇති බවට තොරතුරුද පළවී තිබුණ නමුත් දැන් වාර්තාවන්නේ ඔහු එය වර්ජනය කරන බවයි.

ඔහු වෙබ් අඩවි වෙත මෙගන් හා ඔහු සිටින පැරණි ඡායාරූප නිකුත් කිරීම ගැන රැජිණ කුපිතවී ඇතැයිද පසුගිය දිනවල වාර්තා පළව තිබුණි.

පසුගිය කාලයේ එංගලන්තයේ ඇතැම් ඕපාදූප පුවත් වෙබ් අඩවි වාර්තා කළේ ඇමරිකානු නිළියකවූ මෙගන් එරට යහපත් පවුල් පසුබිමකින් පැවත නොඒම ගැන රජ පවුල කලකිරී සිටි බවකි. මෙම විවාහයට රැජිණ චාල්ස් කුමරු හෝ කිසිවෙකු විරුද්ධත්වය පළ නොකළද එයට කැමැත්තකින් පසු නොවූ බවටද වාර්තා පළව තිබුණි. තෝමස් මාර්කල් යනු හොලිවුඩ් සිනමා නිර්මාණ වල කලා අධ්‍යක්ෂණය ආලෝකකරණය වැනි තාක්ෂණික අංශ වල නියුතු ශිල්පියෙකි.

 ඔහුගේ මුල් විවාහය වසර 11 කින් අවසන් විය. එම විවාහයේ ඔහුට මෙගන් හා සමන්තා ලෙස දියණියන් දෙදෙනෙකි.මෙගන් මාර්කල් හැරීව විවාහ කරගන්නේද සිය දෙවන විවාහය ලෙසිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment