මහ පොළවේ පය නොගහන නිලධාරීන් කොහොමද ආර්ථිකය හසුරුවන්නේ - රවී කරුණානායක

මහ පොළවේ පය නොගහන නිලධාරීන් කොහොමද ආර්ථිකය හසුරුවන්නේ - රවී කරුණානායක

මහ බැංකුවේ ප්‍රායෝගික දැනුමක් නොමැති නිලධාරීන්ගේ ආර්ථික හැසිරවීම මේ වන විට මුළු රටටම පැහැදිලි වී ඇති බව ද කරුණානායක මහතා පෙන්වා දෙයි.

රවී කරුණානායක මහතා මෙම අදහස් පළ කළේ, මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී ගැටුම් හේතුවෙන් විපතට පත් පවුල් වෙත මූල්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි. මෙම උත්සවය තොටලඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.

රුපියලේ අගය පහත වැටීම නිසා ආනයන, අපනයන ඇතුළු ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රවලට දැඩි බලපෑමක් එල්ල වන බවයි ඔහු පවසන්නේ. ආනයන - අපනයන සඳහා සිදුවන බලපෑම ආවරණය කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරන ලෙස, රුපියල බිඳ වැටීමෙන් ආර්ථිකයට බලපෑමක් නොවන බව පවසන කේවට්ටයන්ගෙන් ඉල්ලා සිටින බව ද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේය.

තමන් මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඉන්ධන මිල පාලනය කර එහි වාසිය සමස්ත ජනතාවටම ලබාදීමට කටයුතු කළ බවත් එමගින් භාණ්ඩාගාරයට කිසිදු බලපෑමක් සිදු නොවන ආකාරයට කටයුතු කළ බවත් රවී කරුණානායක මහතා පෙන්වා දෙයි. ඉන්ධන මිල වෙනස්වීම හරහා ආර්ථිකයට සිදුවන බලපෑම පාලනය කිරීම පහසු කාර්යයක් නොවන බව පෙන්වා දුන් කරුණානායක මහතා ප්‍රකාශ කළේ නිවැරදි තීන්දු තීරණය ගැනීම නිසා එදා එම තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බවයි. එහෙත් අද ප්‍රායෝගික දැනුමක් නැති නිලධාරීන්ගේ ආර්ථික හැසිරවීම හේතුවෙන් ඉන්ධන මිල පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment