වසරකට පසු නිල්මිණි යළිත්

වසරකට පසු නිල්මිණි යළිත්

නමුණුකුල කඳු පන්තියෙන් ආරම්භ වන මෙම දිය ඇල්ල ‘නිල්මිණි ඇල්ල’ නමින් ජනතාව අතර ප‍්‍රචලිත වී තිබේ. නමුණුකුල කඳු වැටියෙන් හටගන්නා මෙම දියඇල්ල කුඩා ඔය නමින් හඳුන්වන ගඟ දිගේ ගලා විත් බදුලු ඔයට එක්වෙයි.

මේ දිනවල පවතින වර්ෂාවත් සමග දියඇල්ල දර්ශනය වීමට පටන් ගෙන තිබේ. දිය ඇල්ල ආසන්නයට ළඟා වීම දුෂ්කර වුවද එහි අලංකාරත්වය ඈත සිටම නැරඹීමට හැකි පරිදි සොබාදහම විසින්ම සැකසී ඇති අයුරු ඉතා චමත්කාරජනකය.

දිය ඇල්ල දැක බලා ගැනීමට නම් බදුල්ල වේවැල්හින්න මාර්ගයේ පැමිණ මැදගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ පැමිණි පසු මෙම දිය ඇල්ල දර්ශනය වේ.

ජයලත් දිසානායක - බදුල්ල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment