සෙනසුරාදා බඳින මෙගන් හැරී මධුසමය කල් දාලා


ලබන 19 සෙනසුරාදා බ්‍රිතාන්‍ය යේ පවත්වන්නට නියමිත රාජකීය මංගල්‍යෙයන් අනතුරුව හැරී කුමරු හා මෙගන් මාර්කල් දින චරියාව ගත රකන්නට සැලසුම් කර තිබෙන ආකාරය ගැනද මාධ්‍ය වාර්තා කර තිබේ.
19 වනදා මංගල්‍යෙයන් පසු ඔවුන් මධු සමය සඳහා ඉක්මන් නොවන බවත් 22 වනදා පවත්වන්නට නියමිත
මෙගන්ගේ

අලුත් මාමණ්ඩිය චාල්ස් කුමරුගේ 70 වන උපන් දින සමරුව වෙනුවෙන් නව යුවළ විවාහයෙන් පසු මුල් වරට පෙනී සිටින බවත් වාර්තා පළව තිබේ. එය බකිංහැම් මාලිගයේ උද්‍යාන සාදයක් ලෙස සමරන්නට නියමිතය. එම අවස්ථාවේ 2017 මැන්චෙස්ටර් ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූ හමුදා නිලධාරීන් සැමරීමේ අවස්ථාවකටද ඔවුන් එක්වනු ඇත. ඔවුන් මධු සමය සඳහා අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත්තේ ඊළඟ සතියේදී බවත් වාර්තාවේ.
මේ අතර පසුගියදා එංගලන්තයේ සුප්‍රසිද්ධ මැඩම් තුසාඩ් ඉටි කෞතුකාගාරයේ හැරී මෙගන් නව යුවළගේ ඉටියෙන් නිම කළ අනුරූ විවෘත කිරීමේ අවස්ථාවක්ද පැවැත්විණි.පහත පළවන්නේ එම වීඩියෝවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment