සම්බාහන තෙරපිවරියන් ලෙස අවකල් ක්‍රියාවේ යෙදුණ තරුණියන් හතරක් හසුවේ‍


ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක සේවයට මුවා වී අවකල් ක්‍රියාවේ නිරත වූ රූමත් තරුණියන් හතරදෙනකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  

සැකකාරියන් සිවුදෙනා පොළොන්නරුව හා අනුරාධපුර අවට පදිංචිකරුවන් වන අතර ඔවුහු වයස අවුරුදු 25-33 අතරේ පසු වෙති.  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක ජි. විදානගමගේ මහතාට අනුරාධපුර නව නගරය ආසන්නයේ පවත්වාගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියන් සම්බන්ධයෙන් ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාරියන් සිවුදෙනා පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණි.

 අවකල් ක්‍රියාවේ නිරතවීමේ චෝදනාවට මීට පෙරත් සැකකාරියන් පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙන අතර ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment