
ඒ අනුව රු. 44 ක්ව පැවැති භූමිතෙල් ලීටරයක මිල රු. 57 කින් වැඩිකරන ලද නමුත්, එම ජනතාවට භූමිතෙල් තවදුරටත් රු. 44 බැගින් ලබා ගැනීමට හැකිවන පරිදි ලීටරයකට රු. 57 බැගින් සහනාධාර, එම ප්‍රතිලාභීන්ට ලබන ජුනි මස සිට මුදල් වශයෙන් ලබාදීමට මහා භාණ්ඩාගාරය විසින් තීරණය කර ඇත.
ඒ අනුව, 47,555 ක් පමණ වන විදුලිය නොමැති නිවාස හිමියන් හට ඔවුන්ට හිමි එම සහනාධාර මුදල ඔවුන්ගේ සමෘද්ධි මුදල් සමඟ ගෙවීමට කටයුතු යොදා ඇත.
පිටත එන්ජින් සවිකරන ලද එක්දින බෝට්ටු හිමි ධීවරයන් 24,282 දෙනෙකු දිවයින පුරා සිටින බවට ගණන් බලා ඇති අතර, ධීවර අමාත්‍යාංශය විසින් එම ධීවරයන් සමඟ සාකච්ඡා කර එකඟ වන ක්‍රමවේදයකට අනුව එම සහනාධාර අදාළ පුද්ගලයන් වෙත මුදල් වශයෙන් ඍජුව නිකුත් කිරීමට කටයුතු ඇති බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
0 comments :
Post a Comment