ඉන්ධන මිල ඉහළ ගිය හැටි ජවිපෙ හෙළිකරයි!

ඉන්ධන මිල ඉහළ ගිය හැටි ජවිපෙ හෙළිකරයි!

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු.83.40ක් වන අතර ඩීසල් ලීටරයක් වෙනුවෙන් අය කරන බද්ද රු.31.60 වන බවත් පෙට්‍රල් ලීටරයක් ගොඩබාන මිල රු.78.40ක් වන අතර එම ලීටරයක් වෙනුවෙන් අයකරන බද්ද රු.60.19ක් බවත්ය. මෙම බදු අයකිරීම් ඉහළ දැමීම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කළේ. මෙම ඉන්ධන මිල ඉහළ යාම නිසා දැන් තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල ඉහළ යන හෙයින් ඒ සියල්ලේම වාසිය ආණ්ඩුවට හිමි වන අතර ජනතාවට අත්වන ප්‍රතිලාභයක් නොමැති බව විජිත හේරත් මහතා අවධාරණය කළේය.

බලයට ඒමට පෙර ඉන්ධන මත පනවා ඇති බදු අඩුකරන බවට පොරොන්දු වුවද මුල් අවධියේ ඡන්ද ගුණ්ඩුවක් ලෙස ඉන්ධන මිල අඩු කළත් පසුව වට කිහිපයකින් මිල ඉහළ දමා ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

පෞද්ගලික බස් රථවලට ඩීසල් සමඟ භූමිතෙල් මිශ්‍ර කිරීම නිසා භූමිතෙල් මිල ඉහළ දැමීමට ගත් තීරණය කෙතරම් ප්‍රයෝගිකදැයි ඔහු ප්‍රශ්න කළේය.

" ආණ්ඩුව බදු ගහලා ආදායම ලැබුවට සංස්ථාවට ලාභයක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය දරුණු අතට හැරෙන්නේ සංස්ථාව බංකොලොත් වෙලා අයි.ඕ.සි යට ඉන්ධන ඒකාධිකාරිය ලැබුණු විටයි. සංස්ථාවේ පාඩු පෙන්නලා ආණ්ඩුව බදු ගහලා ආදායම් ලබනවා. එක හරියට හිඟන්නා පෙන්නලා මුදලාලි බඩගෝස්තරය තර කරගන්නවා වගේ වැඩක්."

මේ වන විට කිරි පිටි 1kg ක මිල රු.50කින් ඉහළ දමා ඇත්තේ 1kg කට රු.111ක බද්දක් අයකරන අතරතුර බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ අවම වශයෙන් මෙම බදු මුදල් ජනතාවගේ සහනාධාරවලට හෝ සේවාවලට හෝ යෙදවීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment