මීගොඩ ගල් වලකින් මිනිස් අස්ථි කැබලි හමු වේ


  මීගොඩ දාම්පේ බායිගේවත්ත ප්‍රදේශයේ ගල් වළක තිබී ඊයේ (14දා) දා උදෑසන මිනිස් අස්ථි කැබලී කිහිපයක් හමුවී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.  මිනිස් හිසකට සමාන අස්ථි කැබලි කිහිපයක් ගල් වළක තිබි හමුවු බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මීගොඩ පොලිසියේ නිලධාරීන් පීරීසක්
ගොස් පරීක්ෂා කිරීමේදී මිනිස් හිසකට සමාන හිස් කබලක් සහ අස්ථි කැබලි කිහිපයක්  හමු වූ බවද පොලීසිය පවසයි.

   අදාළ ගල් වළ දෙසින්  මොනරුන් කෑ ගසන හඬ ඇසී කුඩා දරුවන් මොනරු  බැලීමට ගල් වළ දෙසට ගිය අවස්ථාවේදී පළමුවෙන්ම

හිස්  කබලකට සමාන දෙයක් දැක  කුඩා ළමයින් ඒ පිළිබඳව වැඩිහිටියන් දැනුවත් කර ඇත. පසුව ප්‍රදේශවාසීන් අදාළ ප්‍රදේශය පරික්ෂා කර බලා පොලිසියට දැනුම් දුන් බවද පොලීසිය පවසයි.

  මෙම ගල් වළ ආසන්නයේ නිවෙසක සිටි ආබාධිත පුද්ගලයකු මීට මාසයකට පමණ පෙර අතුරුදන්ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් මෙම අස්ථි කොටස් අදාළ පුද්ගලයාගේමද නැතහොත් වෙනත් අයකුගේද මෙම මරණය වැටීමකින් සිදුවූ දෙයක්ද නැතහොත් ඝාතනයක්ද යන්න වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි මිරිහාන අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් හා මීගොඩ පොලීසියේ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment