ගායිකාව හා නිරූපිකාව ඩුබායි සිට එද්දී පවර් බෑන්ක් වල මිලියන 13 ක රත්තරන් දමාගෙන ඇවිත්

http://www.gossiplankanews.com/2018/06/singer-and-beautician-nabbed-with-gold.html#more
ටුනායක බණ්ඩාරනායක  ගුවන්තොටුපළේ අද (07) උදෑසන 9.00 ට ඩුබායි සිට ගුවන් යානයකින් පැමිණි බව කියන ගායිකාවක හා නිරූපිකාවක සතුව තිබී රුපියල් මිලියන 13 ක පමණ වටිනාකමකින් යුත් රත්තරන් ස්ලැබ් දෙකක් හමුවූ බව රේගු ආරංචි හෙළි කරයි.
මෙම කාන්තාවන් දෙදෙනා EK 650 ගුවන් යානයෙන්
ගොඩ බැස සැක කටයුතු ආකාරයට

හැසිරෙමින් ගමන් කර සිටියදී රේගු උකුසු ඇසට හසුව තිබෙන අතර ඔවුන් ජංගම දුරකථන චාර්ජ් කිරීමට ගන්නා පවර් බෑන්ක් දෙකක මදය ඉවත් කර ඒ වෙනුවට මෙම රත්තරන් එහි අපූරුවට අසුරා තිබී ඇත. ඒවා රැගෙන ගුවන් තොටුපළ පර්යන්තයේ කොළ චැනලය ඔස්සේ ගමන් කර සිටියදී ඔවුන් පරීක්ෂා කිරීමේදී මෙම රන් කොටස් සොයාගෙන ඇත.
රුපියල් දශලක්ෂ 13.5 ක වටිනාකමින් යුත් කිලෝ ග්රෑම් දෙකක රත්රන් ඉතා රහසිගත ලෙස එහි තැන්පත්ව තිබුණ බව වාර්තා විය.

 තංගල්ල හා රාගම යන ප්‍රදේශවල පදිංචි මෙම දෙදෙනා 32 හැවිරිදි සහ 29 හැවිරිදි වියේ පසුවන බව වාර්තාවී තිබෙන අතර  එක් අයෙකු ලංකාවේ නමගිය සංගීත කණ්ඩායමක ගායකාවක ලෙස කටයුතු කරන්නියක බව හා අනෙක් තැනැත්තිය ප්‍රකට රූපලාවන්‍ය ශිල්පිණියක බව හෙළි විය.
මෙම දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවත් නම් හෙළි කිරීම දැන්ම සිදු කරන්නට බැරි බවත් රේගුව ප්‍රකාශ කරන ලදි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment