ශ්‍රී ලංකාවේ සිදුවූ බිලියන 17ක BMW වංචාව මෙන්න.




ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුවෙන් සිදුව ඇති බව කියන වංචාවට වඩා විශාල වංචාවක් BMW වාහන ගෙන්වීමේදී සිදුව ඇති බව අනාවරණ වී තිබේ. එම මූල්‍ය වංචාව බිලියන 17 පමණ වන බව සඳහන්.

 BMW වාහන මෙරටට ගෙන්වන සමගම බදු වංචා කර වාහන 1675ක් ගෙන්වා තිබේ. මෙම වංචාව පිළිබඳ රේගු පරීක්ෂණයක් පැවැත්වෙද්දී එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් ලබා දී පරීක්ෂණය යට ගැසීමට උත්සහ කර ඇති නමුත් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා හරහා අධිකරණයේ නඩුවක් පවරා තිබේ. නඩුව පවරා ඇත්තේ පසුගිය වසරේ ජුනි මස 27 වැනි දිනය.

සමාගම විසින් පරීක්ෂණය යට ගැසීමට දැරූ උත්සාහය පිළිබඳව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හා එම පරීක්ෂණය පැවැත්වූ නිලධාරියා විසින් ඒ පිළිබඳ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබුණි. නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අසමත් වීම නිසා එක වාහනයකට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදලක් අයකර නඩුව යට ගසා තිබේ. ඊට එරෙහිව දැන් නැවත අධිකරණයේ නඩුවක් විභාග වන බව නාගානන්ද මහතා පෙන්වා දෙයි. එම නඩුවට ජර්මනියේ BMW මව් සමාගමේ සහයද හිමිව ඇති බව නීතිඥ නාගානන්ද මහතා වැඩිදුරටත් පවයි.

මෙම වංචාවට සම්බන්ධ වාහන වල සැබෑ වටිනාකම ඩොලර් 30,000,35,000,40,000 වන බව නාගාන්නද මහතා සඳහන් කරයි. වාහන වලට අදාළව ජර්මනියේ BMW මව් සමාගමෙන් එවන ලද සැබෑ වටිනාකම සහිත ඉන්වොයිස් වෙනුවට එම වටිනාකමෙන් අඩක පමණ අගයක් යොදා වංචනික ලෙස ඉන්වොයිස් සකස් කර තිබේ. ඒ අනුව එම වාහන වලට ඉන්වොයිස් දෙකක් ඇති බවයි නාගානන්ද මහතා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධ සවිස්තර වාර්තාවක් බලාපොරොත්තු වන්න...

(LNW)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment