රංගෙ බණ්ඩාරගෙ පුතා දින 5 කට රිමාන්ඩ්


රජයේ දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පදවා රිය අනතුරක් කිරීම, කඩුවක් සන්තකයේ
තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් කිරීම යන චෝදනා මත රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ
බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර පොලිස් අත්අඩංගුවට

ගැනීමෙන් පසු අද අධිකරණයට ඉදිරිපත් කළ පසුව ලබන 12 වනදින දක්වා දින 5 කට රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියමවී තිබේ.
සිද්ධියෙන් පසු තුවාල ලැබූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ආරච්චිකට්ටුව පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ ආකාරයට බන්ධනාගාරයට නියම විය.
 වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ආමාත්‍යාංශයට අයත් වාහනයකින් ගමන් කරන විට අනතුරකට ලක්විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment