ශ්‍රීලනිප 16 න් කෙනෙක් වෙනම පාරක : 16 අර්බුදය බරපතල වෙයි.



තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ එක්වන බව ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක පවසයි.

එසේම  එළඹෙන සතියේ සිට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමග එක්ව පාර්ලිමේන්තුව තුළ ද කටයුතු කරන බවද ඔහු සඳහන් කර ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මන්ත්‍රීවරයා මෙම  තීරණය ගෙන තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව හිටපු ජනාධිපතිවරයා සමඟ එක්වීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වියයුතු බවට එම පාර්ශවය විසින් සිදුකළ දැනුම්දීමට අනුවය.

ඒ බව පසුගියදා  මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගද සඳහන් කර සිටියේ    16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන්නේ නම් නිදහස් පක්ෂයෙන් ඉවත් විය යුතු බවයි. 

ඒ අනුව ඉදිරි දිනයකදී ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

16 අර්බුදය බරපතල වෙයි 

මේ අතර වැඩිදුරටත් වාර්තා වන ආකාරයට තාරානාත් බස්නායකගේ මෙම තීන්දුව හේතුවෙන් ශ්‍රීලනිප 16 කණ්ඩායම තුළ බරපතල අර්බුදයක් මතුව ඇති බවද වාර්තා වෙයි. ඒ මේ වන විටත් දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි ඇතුළු 16 කණ්ඩායමේ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කර ගැනීමට එම පක්ෂයේ ප්‍රබලයින් දැඩි විරෝධයක් දක්වා තිබීම නිසාය.

මේ ආකාරයට තවත් පිරිසක් තම කණ්ඩායමෙන් ඉවත්වුවහොත් දේශපාලනය තුළ තමන්ට ඇති ශක්තිය අවම වන බවත් ඒ තුළ අනාථ වීමට පෙර කඩිනමින් දේශපාලන තීන්දුවක් ගත යුතු බවටද ඔවුන් අතර සාකච්ඡා වී ඇති බවද දැන ගන්නට ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment