පොරොන්දු වූ පඩිය නොදුන්නැයි ලක්ෂ 60 ක ජේසීබී යන්ත්‍රය උස්සලා


කොට්ටාව නගරයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක සේවයට පැමිණි පුද්ගලයකුට ලබාදීමට පොරොන්දු වූ මාසික වැටුප නිසියාකාරව ලබා නොදීම හේතුවෙන් එම ආයතනයේ තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමකින් යුත් ජේ.සී.බී. යන්ත්‍රයක් සොරාගෙන ගිය පුද්ගලයකු මාතර අකුරැස්ස ප්‍රදේශයේදී අදාළ
යන්ත්‍රය ද සමගින්

සැකපිට අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. ජේ.සී.බී යන්ත්‍ර රියැදුරන් බඳවා ගැනීම සඳහා පුවත්පතකට පළ කරන ලද දැන්වීමකට අනුව කොට්ටාව නගරයේ පිහිටි සුප්‍රසිද්ධ ගොඩනැගිලි ද්‍රව්‍ය ආයතනයකට මෙම සැකකරු සේවය සඳහා පැමිණ ඇති අතර එහිදී ආයතනයේ ප්‍රධානීන් සැකකරුට මාසිකව රුපියල් 45000ක මුදලක් ලබාදීමට එකග වුවත් ඒ වෙනුවට රුපියල් 20000ක මාසික වේතනයක් ලබාදීම හේතුවේන් සැකකරු එම වෙළඳ ආයතනයට අයත් ජේ. සී. බී. යන්ත්‍රය සොරා ගෙන කොට්ටාව සිට ලොරි රථයකින් ජේ.සී.බී. යන්ත්‍රය අකුරැස්ස ප්‍රදේශයට රැගෙන ගොස් තිබූ බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු හිටපු යුද හමුදා සෙබළුකු වන මාතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු වන ඛවත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි. කොට්ටාව පොලිසිය පරීක්ෂණ පැවැත්විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment