රැකියා විරහිත උපධිධාරීන් බඳවා ගැනීම තාවකාලිකව නතර කරයි

කඩඉම් ලකුණු ලබාදීමේදී සිදුවූ ආරවුලක් විසඳන තුරු රැකියා විරහිත උපාධිධාරින් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ තාවකාලිකව නතර කිරීමට පෙරේදා (19දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ පළමු
අදියර සම්මුඛ

සාකච්ඡා සඳහා ඉදිරිපත් වූ උපාධිධාරීන්ට දිස්ත්‍රික් මට්ටමින් ලබා දුන් කඩඉම් ලකුණු සීමාව වෙනස් කිරීම නිසා ඇතැම් දිස්ත්‍රික්වලට අසාධාරණයක් සිදුව ඇති බව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

අදාළ කඩඉම් ලකුණු නිසා මඩකළපුව දිස්ත්‍රික්කයෙන් පමණක් උපාධිධාරීන් 914 දෙනකු පත්වී සිටි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා තේරීපත්ව සිටියේ උපාධිධාරීන් 32ක් පමණි. එය භූමි ප්‍රමාණය හෝ ජනගහනය ගෙන බැලූවිට පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බව පසුගියදා වාර්තා කළේය.

එම කඩඉම් ලකුණු සීමාවට අනුව උපාධිධාරීන්  වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තේරී පත්ව සිටියේ උපාධිධාරීන් 300ක් පමණි. කෙසේ වෙතත් ආර්ථික කටයුතු අමාත්‍යාංශය අදාළ කඩඉම් ලකුණු ප්‍රමාණය සංශෝධනය කිරීම් සඳහා තීරණය කර ඇති අතර පසුව එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යවා ඇති බවද වාර්තා වේ. මෙම උපාධිධාරීන්ට ජූලි මස දෙවැනිදා පත්වීම් ලබාදීමට සුදානමින් තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment