සිසුවකුට දඬුවම් කළා කියා සිසුන් එකතු වී ගුරුවරයාට පහරදීලා


ආණමඩුව නගරයේ පාසලක ගුරුවරයකුට එම පාසලේ සිසුන් පිරිසක් සිදු කළ පහරදීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් වී ඇත. පෙරේදා (19දා) දහවල් මෙම පහර දීම සිදු වී  ඇත.  පහර
කෑමට ලක්ව

රෝහල් ගත කර ඇත්තේ එම විද්‍යාලයේ තාක්ෂණවේදය විෂය උගන්වන ගුරුවරයා බව ආරංචිමාර්ග කියයි.

විදුහලේ 13 වැනි වසර පන්තියට තාක්ෂණවේදය විෂය උගන්වමින් සිටින විට එක් සිසුවකුට මෙම ගුරුවරයා දඩුවම් කර ඇත. ඒ සමඟම ක්‍රියාත්මක වී ඇති එම පත්තියේ සිටි සෙසු සිසුන් ගුරුවරයා වට කරගෙන පහරදී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. ගුරුවරයා විසින් දඬුවම් කර ඇති පාසල් සිසුවාද ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. පහර කෑමට ලක්ව ඇති ගුරුවරයාගේ සිරුරේ ස්ථාන කීපයක තැලුම් දක්නට ඇති බව වෛදවරුන් සඳහන් කරයි.

ගුරුවරයාට පහර දුන් බව කියන සිසුන් පිරිස මීට පෙර අවස්ථා කීපයකදී ආණමඩුව නගරයේ ගැටුම් ඇති කර ගෙන ඇති පිරිසක් බවටද හඳුනාගෙන ඇත. ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment