එජාප තනි ආණ්ඩු කතාව යලිත් කරලියට.


ඉතා ඉක්මනින් එ.ජා.පය තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂ මන්ත්‍රීන්ගේ සහාය ලබාගැනීමට රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. රජයේ සිටින ජාතික ලැයිස්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුගේ මෙහෙයවීමෙන් මෙම සාකච්ඡාව ආරම්භ කර ඇතැයි කියැවේ.

අදාළ අමාත්‍යවරයාගේ යෝජනාවට ශ්‍රීල.නි.ප මෛත්‍රී පිලේ ඇතැම් මැති ඇමැති පිරිසකගේ සහාය පළවී ඇති බව සඳහන්ය. එසේම ඉදිරියේදී 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනකු සමඟද එ.ජා.පයේ මෙකී මෙහෙයුමට සම්බන්ධ දේශපාලනඥයන් අදහස් හුවමාරු කරගැනීමට නියමිතය.

එසේම දැනට විපක්ෂයේ සිටින පක්ෂ ගණනාවක සහාය ආණ්ඩුවෙන් පිටත සිට ලබාගැනීමටද සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.

(දේශය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment