ප්‍රීතිමත් සැඳෑ සාදයේ සාම කතාවක් [Political Gossip]


පසුගිය දවස්වල පොහොට්ටුවෙ දේශපාලන කුණාටුවක් හටගෙන තිබුණා... මේ සටන පටන්ගත්තෙ ගම්පහ පැත්තෙ රණකාමි පවුලක දියවන්නා කවුන්සිල් සගයෙක්.

මේ අවුල නිසා තමයි කටානෙ දොස්තර නෝනට කතාවට නායක පට්ටමේ පොඩි පුටුවට එන්න තිබුණ චාන්ස් එක නැතිවුණෙත්. කොහොමින් කොහොම හරි මේ ආරවුලට බලපාපු ඇත්ත හේතුව ඉදිරි ජනාධිපතිවරණයට ඒකාබද්දෙන් අපේක්ෂකත්වය දෙන්නෙ කාටද කියන ප්‍රශ්නයලු.

වැඩි කස්ටියක් මේ පට්ටමට ජී.ආර්. දාන්න කියද්දි තවත් පිරිසක් බී.ආර්. දාන්න කියමින් තිරය පිටුපස සටන උග්‍රකළා...

මේ ගින්න කොච්චර සැරට ඇවිලුණාද කියතොත් කවදාවත් නැතුව දේශපාලන වේදිකාවෙන් තම තමන්ගෙ අය එක එක්කෙනාට “හින්ට්” ගහන තැනට කරුණු යෙදුණා...

රතු පස්වල - කටුනායක කතා දේශපාලන කුණු කානු ගැන කතා... ආණ්ඩුවෙන් එළියට බැහැපු 16 දෙනාට විරුද්ධ කතා ගොන්නක් එළියට පැනල වැඩේ අලහොද්දක් වේගෙන යනකොට මේක හිටපු ලොකු තැනටත් මාර වාතයක් වුණාලු.

ඊට පස්සෙ උන්නැහේ මේ තේ කෝප්පයේ කුණාටුව සමනය කරන්න රහසිගත හමුවක් කැඳෙව්වලු... මේ ඊයේ පෙරේදා නුගේගොඩ කිට්ටුව තියන රාජපක්ෂ සහෝදරියකගේ නිවසේ බොහෝම “ප්‍රීති”මත් සැඳැ සාදයක් සමඟ භෝජන සංග්‍රහයක් තිබුණ. ඒකට ආවෙ හිටපු ලොකු තැනගෙ සහෝදරයො 4 දෙනා පමණලු. 

පැය ගණනක් තිස්සේ පැවති කතා බහත් භෝජන සංග්‍රහයත් අස්සෙ ඉදිරි මහපුටු ඡන්දෙ ගැන මහපවුලෙ උදවිය අන්තිම තීන්දුවක් ගත්තලු... හැබැයි ඒක කවුරුවත් දන්නෙ නැහැ... වෙලාව එනතුරු රහසක් හැටියට තබාගන්නත් තීන්දු කරල තිබුණ ප්‍රශ්න විසඳගෙන එදා රාත්‍රි උන්නැහේලා විසිර ගියේ ජලයට වඩා ලේවල බැම්ම හුඟක් ලොකුයි කියන කතාව නැවත වරක් තහවුරු කරලලු...

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment