විපක්ෂ නායකකම අතහැරලා සම්පන්දන් ඇමැතිකමක් ගනීවිද?



රජයේ අමාත්‍ය ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය අත්හැරීමට කටයුතු කරන මෙන් ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයාට ඉදිරිපත් කොට ඇති යෝජනාව පිළිබඳව බොහෝ කරුණු සිතා බැලිය යුතුව ඇතැයි සම්පන්දන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කොට තිබේ.

මනෝ ගනේෂන් අමාත්‍යවරයා විසින් මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා දරන අදහස කුමක්දැයි උතුරේ මාධ්‍යවේදීන් පිරිසක් ඔහුගෙන් විමසූ විට රජයේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට අකැමැති බවක් සම්පන්දන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කොට නොමැත.

මෙහිදී සම්පන්දන් මන්ත්‍රිවරයා පවසා ඇත්තේ රජයෙන් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස යෝජනා වී ඇත්තේ සෘජුවම රජයෙන් නොව අමාත්‍යවරයකුගෙන් නිසා මේ ගැන බොහෝ සෙයින් කල්පනා කළ යුතුව ඇති බවයි.

මේ තත්ත්වය ඉතාම සාධනීය තත්ත්වයක් වුවත් තමන්ට එක එල්ලේ ඒ ගැන තීරණයක් ගැනීමට හෝ අදහසක් දැක්වීමට නොහැකි බව පවසන සම්පන්දන් මන්ත්‍රිවරයා මෙය ඉතා හදිස්සියෙන් තීරණය කළ යුතු කාරණයක් නොවන බවද පවසා ඇත.

මේ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්ගෙන්ම විරෝධයක් පළ වී තිබේ.

ඔවුන් පවසා ඇත්තේ සම්පන්දන් මන්ත්‍රිවරයාට රජයේ අමාත්‍ය ධුරයක් ලැබුණහොත් රජයට එරෙහිව කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි වන නිසා උතුරු නැඟෙනහිර දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිවක් ලබා ගැනීමට හැකි නොවන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment