ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුතින් ගෙන්නූ A-321neo යානය

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත නවතම ගුවන් යානයක් අද (30) කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ පැවති සර්ව ආගමික වතාවත් වලින් පසුව එක් කරන ලදි.
ජර්මනියේ එයාර් බස් සමාගම
හැම්බර්ග් කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ලද

A-321neo වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානයේ දිග අඩි 146 ක් වන අතර , පියාපත් අතර දිග අඩි117.5 කි. උස අඩි 37.7 කි.
ව්‍යාපාරික පංතියේ මගීන් 12 කට , ඉකොනොමි පංතියේ මගීන් 176 කට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමග කාර්යය මණ්ඩලයේ 06 දෙනෙකුට ද එකවර ගමන් කළ හැකිය .
මෙම ගුවන් යානය පැය 03 ක වැනි කාලයක් ගත වන චීනය , ඩුබායි වැනි ගමනාන්ත කරා යෙදවීමට අපේක්ෂා කරයි.
(කටුනායක ටී.කේ.ජී.කපිල )
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment