කාර් එකේ ලිෆ්ට් එකකින් ඇරඹී විනාශය තෙක් දිවගිය මොණරාගල ගුරු සිසු ඇසුර

සුගිය දිනවල අන්තර්ජාලය තුළ වීඩියෝ හුවමාරුවෙමින් කැළඹීමක් ඇති කළ මොණරාගල ප්‍රදේශයේ පාසල් ගුරුවරුන් දෙදෙනෙකු සිසුවියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය පසුපස එම සිසුවියගේ සමාජ පීඩනය පිළිබඳ කඳුළු කතාවක් ගැබ්වී තිබේ.
අපි එක්ක කැමැත්තෙන් එයා ආවෙ කියමින්
ගුරුන් දෙදෙන බිල්ලට ගත් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාව උපතින්ම දුප්පත්කම උරුම කරගත් කෙනෙකි. ඇගේ දෙමාපියන් වියළි කර්කශ මොනරාගල මහ පොළොව හා ගැටෙමින් වෙර වීරියෙන් ජීවිතය දිනන්නට වෙහෙසෙන මා පියන් යුවළක් බව පැවසේ.
අතේ පිච්චියක් නැතිව අපහසුවෙන්

මුදල් සොයමින් ජීවන අරගලයට මුල් තැන ලබා දෙමින් ජීවත්වූ පවුලක එක් දියණියක වූ මෙම සිසුවියගේ එම පීඩනය තමන්ගේ පිපාසයේ ගොදුරක් කරගන්නට ගුරුන් දෙපළ උත්සාහ කර තිබුණි.

 පළමුව මෙම මල වෙත දයාබර බැලුම් හෙළන්නේ රජයේ පාසලක ඉතිහාසය උගන්වනු ලබන හෂාන් රත්නායකය.  ෆ්‍රී ටිකට් දෙමින් පන්තියට එන්න යයි හඬගසමින් පළමුව අනුකම්පාවක ප්‍රතිඵලය ලෙස ඇරඹෙන ගුරු ගෝල ඇසුර අතරතුර කාලයේ දින කිහිපයක් ඔහුගේ මෝටර් රථයේ නංවා ගන්නා ලද දැරිය නිවසින් පාසලටත් නැවත පාසලේ සිට නිවසට රැගෙන යැමක්‌ වරින් වර සිදු කර තිබේ.
පාර පුරා පෝස්ටර් ගසාගෙන බස්වලද පින්තාරු කරගෙන පළාතෙම නමක් දිනූ ගුරුවරයෙකු තමන්ට සමීපවී සිටීම ගැන ඇයට තිබෙන්නට ඇත්තේ එක්තරා ආඩම්බරයකි.

මෙය දකින ගම්මුන් විසින් අවස්‌ථා කීපයකදී පාසැල් ශිෂ්‍යාවගේ මව දැනුවත් කරත් මව ඒ පිළිබඳ එතරම් තැකීමක්‌ සිදුකොට නැති බවද පැවසේ.
ගුරුවරයා දැරිය හා සමීප යහළුවෙකු සේ කථාබස් කරමින් වාහනයේ යද්දී අවස්ථා කිහිපයකදීම ඇය සිප වැළඳගන්නට උත්සාහ කර තිබෙන අතර එම අවස්ථාවල ඇගේ විරෝධයක් තිබී නැත. මේ නිසා ඔහු ඊටත් එහා පියවරක් තබා ඇය සමග යහන්ගතවන්නට යෝජනා කර තිබෙන්නේ නිවසට කැඳවා එමිනි.
 දිනක්‌ පවුලේ අවමංගල්‍ය කටයුත්තක්‌ සඳහා ඉතිහාසය ගුරු හෂාන්ගේ ගුරුවරියක වූ බිරිඳ පොලොන්නරුව බලා පිටත්ව යන අතර එදින නිවසෙහි වෙනත් කිසිවෙකු නැති නිසා ඇයව එහි කැටුව එන්නට තීරණය කරන අතර ඇය පහසුවෙන් එහි කැඳවා එන්නට ඔහු සමත්වේ.

දැරිය නිවස වෙත කැඳවන ඉතිහාස

ගුරා තම සිතැඟි සපුරා ගන්නේ තම වෘත්තීය ගරුත්වය සිඳ දමමිනි. සියල්ල අවසානයෙහි එම සිදුවීම රහසක්‌ මෙන් රැක ගන්නා ලෙස උපදෙස්‌ දෙන ගුරා තමන්ගේ බිල්ල ඔහුගේ මිතුරාගේ සතුට පිණිසද දන්දී ඇත.
තාක්‍ෂණවේදය උගන්වන සුනෙත් හෙට්ටිගොඩට මේවා පුරුදුය. ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකදීම මේ වැඩේ සිදු කර ඇති අයයි. ඔහු ඇය රැගෙන යන්නේ වෙනත් ස්‌ථානයක්‌ වෙතය. එය මොනරාගල ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලකි.
තවත් බිල්ලක් සාර්ථකව ඩැහැගත්තාය යන කාලකණ්නි හැඟීමෙන් තමන් විසින් සිදුකළ තිරිසන් ක්‍රියාව වීඩියෝ ගත කරන්නටද පෙළැඹෙන මෙම ගුරුවරයා තමන් කළ කටයුත්ත වීරත්වයෙන් සලකමින් අන්තර්ජාලයට මුදාහරින්නටද පෙළැඹෙයි.

මෙම රහස් කටයුත්ත තවදුරටත් රහසක් නොවී සියල්ලන්ගේ පිට ගැලවෙන්නේ ඉන් පසුය.
 සියල්ල නිමාවට පත්වන්නේ පාදඩයන් දෙදෙනකු විසින් සිදුකළ පාපතර ක්‍රියාවක්‌ හේතුවෙන් මුළු මහත් ගුරු වෘත්තියටම කළු පැල්ලමක්‌ ඉතිරි කරමින්ය.
 මේ වන විට පොලිසිය විසින් සැකකාර ගුරුවරුන් දෙදෙනා පිළිබඳ වැඩිදුරටත් පරීක්‍ෂණ සිදුකරන අතර එම පරීක්‍ෂණවල අරමුණ බවට පත්ව ඇත්තේ සැකකරුවන් විසින් තවත් මෙවැනි ආකාරයේ අපචාරයන් සිදුකොට ඇත්දැයි සොයා බැලීමය.
 මොනරාගල ගම්මුන් තුළ හටගත් "කුකුස" දැරියගේ දෙමාපියන්ට තම දියණිය පිළිබඳ හට නොගත්තේ ඔවුන් සතුව පැවති අනවබෝධය හේතුවෙන්ද නොඑසේනම් වෙනත් සමාජ ආර්ථික හේතුවක ප්‍රතිඵලයක්‌ ලෙසින්ද යන්න පිළිබඳ මෙම පඍීක්ෂනයේදී විමසා බැලෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment