අධික මාත්‍රාවකින් ඖෂධ ලබාගෙන හදිසියේ සමුගත් ඉන්දික ගිනිගේ

ප්‍රකට රංග ශිල්පියෙකු හා ගායකයෙකු වන ඉන්දික ගිනිගේ මහතා අධික මාත්‍රාවකින් ඖෂධ ලබාගැනීමක් හේතුවෙන් ඊයේ 23 රාත්‍රියේ හදිසියේ මරණයට පත්ව තිබේ. මියයන විට 37 වන වියේ පසුවූ ඔහු එක් දරු පියෙකි. ඔහුගේ දියණිය
ඔහුගේ මව භාරයේ සිටි අතර ඔහුගේ වසර 4 ක විවාහ දිවියේ අර්බුද පැනනැගීමෙන් පසු බිරිය විදෙස් ගතවී සිටි බවද වාර්තා වී තිබුණි.
ඔහුගේ මරණය සියදිවිනසාගැනීමක් විය හැකි බවට සැක කෙරෙන නමුත් තවම ඒ ගැන පරීක්ෂණ අවසන් නැත.
මහනුවර  දොඩම්වෙල

නිවසේදී ඔහු අසාධ්‍යවීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පවුලේ ආරංචි හෙළි කරයි.

ටෙලි නාට්‍ය නළුවෙකු ලෙස මතකයේ රැඳෙන චරිත ගණනාවක් රඟපෑ ඉන්දික ගැන මීට කාලයකට පෙර කතාබහක් ඇතිව තිබුනේ ඔහු ප්‍රකට නිළි උදයන්ති සමග පැවැත්වූ හාදකම නිසාය. මෑත කාලයේ ජනප්‍රියවූ ගීත කිහිපයක්ද ඔහු විසින් ගායනා කර තිබේ.

ඉන්දික හදිසියේ සමුගැනීම කලාකරුවන්ට කම්පනය ඇතිකරවූ ආරංචියක් වන අතර ඔහුගේ පවුලේ ඇතිවූ කිසියම් අර්බුදකාරී තත්වයක් මීට හේතුවන්නට ඇති බවට සැක කෙරේ.
ගායක ගායිකා සංගමය දන්වා සිටින පරිදි හෙට 25 සවස ඉන්දිකගේ අවසන් කටයුතු සිදු කරන්නටද කටයුතු යොදා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment