ෆුට්බෝල් කිරුළ ගත්තු ප්‍රංශයේ ඩිග්‍රි ගන්න ලංකාවේ අයටත් අවස්ථාව

http://www.aicedu.lk/free-education-france/
ඉස්සර ප්‍රංශය කියලා කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ මොකක්ද? අයිෆල් කුළුණ. ඒත් අද වෙන කොට ප්‍රංශය කිවම මුලින්ම මතක් වෙන්නේ ෆුට් බෝල් නැත්නම් ෆුට් බෝල් ටීම් එක. මොකද මෙවර මුළු ලෝකයම බලන් සිටි පාපන්දු ලෝක ශූරතාවය දිනා ගත්තේ ප්‍රංශය. ඒ නිසාම තමයි ප්‍රංශ පාපන්දු කණ්ඩායම ගැන
බොහෝ දෙනෙක් කතා බහ කරන්න ගත්තේ. ඒත් ඇත්ත නම් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් බාගෙකටත් වඩා වැඩි පිරිසකගේ උපන් බිම ප්‍රංශය නෙවෙයි. ඔවුන් වෙන රටවල සිට ප්‍රංශයට සංක්‍රමණික වූ පිරිස්.
වර්තමානය වන විට වැඩි වශයෙන් ලෝකයේ විවිධ රටවල සිට ප්‍රංශයට පැමිණෙන පිරිස වාතාගත අන්දමට වැඩි වෙලා තියෙනවා. ඇත්තටම ඒ ඇයි. ඒකට හේතු කීපයක්ම තියෙනවා. ප්‍රංශය කියන්නේ සංවර්ධිත රටක් මෙන්ම නිදහස් ලෙස මිනිසුන්ට ජීවත්වීමට සුදුසු හොඳම රටක්. ඒ වගේම ප්‍රංශය කියන්නේ උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුම රටක්, ලොවම පිළිගත් විශ්ව විද්‍යාල බොහෝමයක්

පවතින්නේ ප්‍රංශයේ. බිස්නස් ඩිග්‍රි එකක් ගන්න, ඉන්ජිනියර් ඩිග්‍රි එකක් ගන්න, බයෝ මෙඩිකල් ඩිග්‍රි එකක් ගන්න, අයි. ටී ඩිග්‍රි එකක් ගන්න සහ ඩිග්‍රි එක කරන ගමන් හොඳ ජොබ් එකක් කිරීමේ හැකියාවකුත් ප්‍රංශයේ ඉගෙන ගන්න අයට තියෙනවා.
අනික ප්‍රංශයේ විශේෂත්වය තමයි අනිත් රටවල් වලට වඩා වැඩි රැකියා ඉල්ලුමක් පවතින රටක් වීම. බිස්නස්, ඔටෝ මොබයිල්, රොබෝටික් සහ Aerospace පිළිබද ක්‍ෂේත්‍රයන් වල වැඩි රැකියා ඉල්ලුමක් පැවතීම නිසාම ඩිග්‍රි එකෙන් පස්සේ ප්‍රංශයේම සෙල් වෙලා හොඳ රැකියාවක් කිරීමේ හැකියාවකුත් මේ අයට හිමි වෙනවා.

ප්‍රංශයට වෙන රටවලින් සංක්‍රමණය වෙන්න තවත් හේතුවක් තමයි ප්‍රංශ භාෂාව. ප්‍රංශ භාෂාව දන්නව නම් ඒ රටේ උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රංශයේ ගිහින් ඩිග්‍රි එකක් කරන්න ඕන වෙන්නේ ඉඳුම් හිටුම් වියදම විතරයි. ඒ අවුරුද්දකට රුපියල් මිලියන් 1.4 ක් විතරයි. ඒ වගේත්ම ඩිග්‍රි එක කරන ගමන් ජොබ් එකක් කරන්න පුළුවන් නිසා ඉඳුම් හිටුම් වියදමත් ඉතා පහසුවෙන් එහෙ ඉගෙන ගන්න අයට හොයා ගන්න පුළුවන්.
ප්‍රංශය තුළ උසස් අධ්‍යාපනය හැදෑරීම සහ එය අවසන් කිරීමෙන් පසුව ලෝකයේ හොඳම කොතෙහි 500කට එම උසස් අධ්‍යාපන ආයතන හරහාම සම්බන්ධ වීමේ විශේෂ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම යුරෝපා රටවල් 27 කට වඩා වැඩි ප්‍රමාණයක රැකියාවක් කිරීම සහ එම රටවලම සෙල් වීම සදහා ප්‍රමිතියක් මෙම උසස් අධ්‍යාපනය හදාරන්නන් සඳහා ලැබෙනවා. මේ නිසාම වර්තමානය වන විට විවිධ රටවල බුද්ධි ගලනය ප්‍රංශය වටා එක් රැස් වී තිබෙනවා.

ප්‍රංශය අනෙක් රටවල් වලට වඩා සුවිශේෂී වන්නේ සුදුසු කෙනාට සුදුසුම තැන ඒ රට විසින්ම නිර්මාණය කර දීම නිසයි. ඒකට හොඳම උදාහණය තමයි. කණ්ඩායමෙන් බාගෙකටත් වඩා වැඩි පිරිසකගේ උපන් බිම නොවන ප්‍රංශ පාපන්දු කණ්ඩායම පාපන්දු ලෝක කුසලාණ කිරැළ දිනා ගැනීම, තමගේ මව් බිම නොවුනත් දක්‍ෂයාට ප්‍රංශය තුළ නිසි ගෞරවය සහ පිළිගැනීම සැමවිට ලැබෙනවා. අන්න ඒ නිසයි ඔබත් ඔබේ උසස් අධ්‍යාපනය ප්‍රංශය තුළ හැදෑරීමට සිහින මැවිය යුත්තේ...

sponsored article
http://www.aicedu.lk/free-education-france/

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment