මුහමලේ බිම්බෝම්බ ඉවත් කරන අතරතුර බෝම්බයක් පිපිරී යාමෙන් සෙබළෙකුට තුවාල

යාපනය, මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි අන්තර්ජාතික සංවිධානයකට අයත් ශ්‍රී ලාංකික සේවකයකු ඊයේ (23දා) උදෑසන බිම් බෝම්බයක් පුපුරා යමෙන් තුවාල ලබා ඇතැයි පලෙයි පොලීසිය පවසයි.
අදාළ සේවකයා

බිම්බෝම්බ ඉවත් කරමින් සිටිදී හදිසියේම බිම්බෝම්බයක් පුපුරාගොස් ඇති අතර, තුවාල ලැබූ ඔහු පලෙයි රෝහලට ඇතුළත් කර තිබිණි.

ඔන්ගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංවි මාර්ග පැවසීය.
තුවාලකරු ආරක්ෂාව වෙනුවෙන් පැලඳිය යුතු සියලු ආරක්‍ෂිත ඇඳුම් හා පලඳනා නිසි ලෙස පැලඳ සිටි බැවින් හා එම ද්‍රව්‍ය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර තිබූ ඒවා බැවින් එම සේවකයාගේ ජීවිතයට හානියක් සිදු නොවූ බව බිම්බෝමිබ ඉවත් කිරීමේ ආයතනයේ නිලධාරියෙක් පවසා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment