සුද්දි එක්ක ගංජා ගැසූ තරුණයා සගයා එළවූ පසු පොලිසියට මාට්ටු

පානම වැව ප්‍රදේශයේදී විදේශීය කාන්තාවක්  සමඟ ගංජා ළඟ තබාගෙන සිටි තරුණයකු 11  වැනි දින උදේ 4.00ට පමණ අත්අඩංගුවට ගත් බව පානම පොලිසිය පවසයි. ඕස්ට්‍රේලියානු තරුණියක සමඟ අරුගම්බේ  ප්‍රදේශයේ සිට පැමිණි මෙම සැකකරු ඉකුත් 10 වැනිදා සවස පානම වැව අසල ගල් තලාවක තාවකාලික කුඩාරමක් තනාගෙන රැය  පහන් කිරීමට සූදානම් වී ඇත.
එය සැලවූ සැකකරු හඳුනන තවත් පුද්ගලයකු ඔහු සොයා පැමිණ ඇති අතර ඔහුත් මොවුන් සමඟම රැය පහන් කිරීමට තීරණය කර ඇත. සැකකරු අකැමැත්තෙන් වුවද අනෙක් පුද්ගලයාගේ  තීරණයට ඉඩදී තිදෙනාම එකතු වී ගංජා සහ වෙනත් විවිධ වර්ග පානය කර ඇතැයි පොලිසිය පවසයි.

කෙසේ හෝ රාත්‍රි 9ට පමණ සැකකරු අනෙක් පුද්ගලයාට පහරදී එළවා ඇති අතර විදේශීය කාන්තාව සමග දිගටම ගංජා ගසමින් විනෝදවී ඇත.
පළාගිය පුද්ගලයා දුවචිත් පානම පොලිසියට මෙම සිද්ධිය පවසා ඇත. ඉන් අනතුරුව පොලිසියත් සමඟ ගොස් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදි.
සැකකරු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් එකක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මෙසේ අඩංගුවට පත්ව තිබන වයස අවුරුදු 31ක් වන හික්කඩුවේ පදිංචිකරුවෙකි. මෙම අත්අඩංගුවට ගැනීම පානම පොලිසියේ පොලිස් සැරයන් ජයතිලක (46412) සහ පොලිස් සැරයන් ජයසුන්දර (56)) යන නිලධාරින් සහභාගි වූ අතර වැඩිදුර පරීක්ෂණ පොතුවිල් සහකාර පොලිස් අධිකාරී වැලිසරගේ මහතාගේ උපදෙස් පරිදි පානම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment