කහතුඩුවේ පන්සලක පින්කැට පහක් කැඩූ කුඩ්ඩා හසුවේ


කහතුඩුව - උන්දුරුගොඩ ශ්‍රී විජයනන්දාරාම විහාරස්ථානයට අලුයම් කාලයේ ඇතුළු වී පිකැට පහක් කඩා මුදල් හා පිත්තල පහනක් සොරා ගත් "එස්.එම්. නොහොත් පින්කැටයා" නමැත්තා සී.සී.ටී.වී. කැමරා දර්ශන
ඔස්සේ හෝමාගම - මාගම්මන ප්‍රදේශයේදී ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.  එම පුද්ගලයා සතුව හෙරොයින් මිලිග්‍රෑම් 300ක් හා සොරා ගත් පිත්තල පහන ඔහුගේ නිවසේ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 19 වැනිදා අලුයම් කාලයේ විහාරස්ථානය භූමියට ඇතුළු වන පුද්ගලයකු පින්කැට පහක් කඩා ඒවායේ තිබූ මුදල් සියල්ල සොරාගෙන ගොස් ඇති බවත් සැකකරුගේ එම ක්‍රියාව විහාරස්ථානයේ සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරාවේ සටහන් ඇති බවට ශ්‍රී විජයනන්දාරාම විහාරාධිකාරී අත්තුඩාවේ නන්දසිරි හිමියන් කහතුඩුව පොලිසියට

පැමිණිලි කර තිබිණි. සී.සී.ටී.වී. කැමරා දර්ශන අනුව පින්කැටවලින් මුදල් සොරා ගත් පුද්ගලයා මීට ටික කලකට පෙර එම ප්‍රදේශයේ පදිංචිව සිටී අයකු බවට හඳුනා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු බවට අනාවරණය වීය. එම වීහාරස්ථානයේ පින්කැට කැඩු පුද්ගලයා මාගම්මන ප්‍රදේශයේ රැදී සිටින බවට කහතුඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තුසිත වික්‍රමරත්න මහතාට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක මධුසංක මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පිනකැටය කඩා සොරා ගත් මුදල්වලින් හෙරොයින් මත්කුඩු පානය කළ බව පැවැසුවේ යැයි පොලිසිය කියයි.

පන්නිපිටිය - දෙපානම දෙව්රම් වෙහෙර බුද්ධ ප්‍රතිමා වහන්සේගේ රනින් නිම කරන ලද ඌර්ණ රෝම ධාතුව මීට කලකට පෙර සොරා ගෙන තිබුණේ මෙම පුද්ගලයා බවට අනාවරණය වූ බව පවසන පොලිසිය එම පුද්ගලයා විහාරස්ථානවලට ඇතුළු වී පින්කැට සොරා ගැනීම සම්බන්ධයෙන් නම ගිය පුද්ගලයකු බවද පොලිස් නිලධාරීයෙක් පැවසීය.

-එම්.සී.පෙරේරා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment