අත්තනගලු ඔයේ ගිලී සිවිල් ඉංජිනේරුවා මරුට

අත්තනගලු ඔයේ අත්තනගල්ල වැලිකඩමුල්ල මුරුතවල නාන මංකඩේ පෙරේදා (22) සවස නාමින් සිටි සහකාර සිවිල් ඉංජිනේරුවරයකු දියේ ගිලී මියගොස් ඇතැයි නිට්ටඹුව
පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් මියගියේ තලාතුඔය

පොලිස් වසමේ උණපින්න, අලත්තකැටිය, අංක 199/3 දරණ නිවසේ පදිංචිව සිට ඇති සිවලිංගම් සිවබාලසිංගම් (30) නමැති තරුණයකු බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.
අත්තනගල්ල කොට්ඨාසයේදී පැය 36ක් ඇතුළත දියේ ගිලී මියගිය තුන්වැනි පුද්ගලයා මෙම සහකාර සිවිල් ඉංජිනේරුවරයා

බව පොලිසිය කියයි.
කොළඹ 02 යුනියන් පෙදෙසේ පිහිටි ඉදිකිරීම් ආයතනයකට අනියුක්තව මෙම සහකාර සිපිල් ඉංජිනේරුවරයා සේවය කරමින් සිට ඇති බව පොලිසිය කළ පරිකෂණවලින් හෙළි වී ඇත. එම ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා සහ පහළොස් දෙනකු පමණ වන තවත් සේවක පිරිසක් වාහන හතරකින් අත්තනගල්ල වැලිකඩමුල්ල මුරුතවල නාන මංකඩට පැමිණි පිරිස අත්තනගලු ඔයේ දිය නාමින් සිටියදි ඉංජිනේරුවරයා මෙම මාරක අනතුරට
ගොදුරුවී ඇති බව පොලිසිය පවසයි.
නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කේ.ඒ.එස්. ප්‍රියන්ත සහ එහි පොලිස් කොස්තාපල් (47522) ඩබ්ලිව්.ඒ.යූ. විජේවර්ධන යන මහත්වරුන් අනතුර පිළිබඳ මූලික පොලිස් පරීක්‍ෂණ කටයුතු සිදුකළ අතර. වේයන්ගොඩ බෙම්මුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය චන්ද්‍රසිරි මාරසිංහ මහතා මියගිය සහකාර සිවිල් ඉංජිනේරුවරයා පිළිබදව හදිසි මරණ පරිකෂණය වතුපිටිවලට මූලික රෝහලේදී ඊයේ (23) දහවල් පවත්වනු ලැබිය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment