විහාරමහාදේවියේ පෙම් රැගුම් හොරෙන් බලන්නා කඩේකින් ෆෝනුත් උස්සලා

කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ ජංගම දුරකතන හා විදුලී උපකරණ ප්‍රදර්ශනාගාරයක වීදුරුවකට ගලකින් පහර දී බිඳ එහි තිබූ රුපියල් 6,50,000ක් පමණ වටින නවීන ජංගම දුරකතන පහක් සොරාගත් පුද්ගලයකු පුරහල විහාරමහාදේව් උද්‍යානය තුළ දී පෙරේදා (22) අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය  පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සොරාගත් ජංගම දුරකතන 5 මොහු සතුව තිබී පොලිසියට හමුවී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පදිංචි "බැලින්ටන්" යන නමින් හදුන්වන්නෙකු බව ද පොලිසිය පවසයි. ඔහු "බැලින්ටන්" නමින් හදුන්වන්නේ විහාරමහාදේවි උද්‍යානයේ විශාල ගස් මත නැග පෙම්වතුන්ගේ හැසිරිම් දෙස හොරෙන් බලා සිටින හෙයින් යැයි ද පොලිසිය පවසයි.

සැකකරු ඉකුත් 19 දින අලුයම 1.00ට පමණ විශාල ගලකින් පහර දී මෙම ප්‍රදර්ශනාගාරයේ වීදුරුව බිඳ ප්‍රදර්ශනාගාරයට ඇතුළු වී මෙම දුරකතන සෝරාගෙන ගොස් ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත.

පැමිණිල්ල අනුව ඇඟිලි සලකුණු හා පොලිස් නිල සුනඛයන් සොයා පරීක්ෂණ කළ ද කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවද පොලිසිය පවසයි. සී.සී.ටී.වී. කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී මොහු දින කිහිපයකට පෙර එහි පැමිණ ඒ අසල ඔත්තු බලා ඇති අතර ඒ අනුව සැකකරු හඳුනාගත තිබුණි.
සැකකරු නිතර නිතර විහාර මහාදේවි උද්‍යානයේ විශාල ගස් මත නැග පෙම්වතුන්ගේ හැසිරීම් නරඹන බවත් එවැනි අවස්ථාවල ඔහු එහි ආරක්ෂක අංශ වෙත හසුවූ පසු මීමැස්මොර රෝගය වැළදුන බවට ව්‍යාජ රංගනයක යෙදී පිරිස බිය ගන්වා ඉන් පැනගන්නා බව ද පොලිසිය පවසයි.

මොහු මිට ඉහත කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රදර්ශනාගාරයක් මේ අයුරින්ම බිඳ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී යැයි ද පොලිසිය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment