කොලොන්නාවේ සිරීසුමංගල හිමියන්ට මහානායක පදවිය පිරිනැමේ



ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාණ්ඩයේ නව වන මහානායක පදවියට  ආචාර්ය කොළොන්නාවේ සිරීසුමංගල හිමියන් පත් කර තිබේ. හිමියන් වෙත එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා අතින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (16) පිළිගැන්විණි. විජිනිපත පිළිගැන්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.
අග්ග මහා පණ්ඩින කොටුගොඩ ධමමාවාස. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උනරිනර මහානායක හිමියන්, අග්ගමහා පණ්ඩිත නඌන පෙමසිරි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා

නිකායේ මහානායක හිමියන්. ආචාවිය නියංගොඩ විජිනසිරි ලාංශෙලි වංශික මහා නිකායේ මල්වතු මහං විහාර පෘථියේ අනුනායක හිමියන්, ආණමඩුවේ ධර්මමදස්සී ග්‍රා පාලි වංගික ඖහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකර සිටියහ. උත්සවයේ ප්‍රධාන අනුශාසනාව අග මහා පණ්ඩිත කොටුගොඩ ධර්මමාවාස ශ්‍රී ලංකං අමරපුර මහා නිකංයේ මහානායක
හිමියන් විසින් සිදුකරන ලද අතර ආචාර්ය නියංගොඩ විජිතසිරි ශ්‍යාමෝපාලි වයික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනු නෑයක හිමියෝද අනුශංසනාවක් පැවැත්වුහ. බුරුම රාජකිය ඥාතිත්වයක් ඇති පිරිසක් ශ්‍රී සන්නස් පත්‍රය වැඩම කළ අතර, විජිනිපන තැන්පත් කළ දෝලාව තායිලන්ත බෞද්ධ සැදැහැවතුන් පිරිසක් විසින් වැඩම කරවන ලදී.
ආචාරිය කොළොන්නාවේ සිරිසුමංගල මහානායක හිමියන් වෙත ප්‍රසාද පූරා පිළිගැන්වීම දෙස් - විදෙස් බෞද්ධ සැදැහැවතුන් අතින් සිදුකෙරිණි.
ආචාර්ය කොළොන්නාවේ සිරිසුමගල මහානායක හිමියන් විසින් රචිත ධර්ම ග්‍රන්ථ  මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පිළිගැන්වීම ද එහිදී සිදුකෙරිණි.  කනානායක කරු ජයසූරිය, හිටපු කනානායක චමල් රාජපක්ෂි, අමාත්‍යවරුන් වන පෘඨලි චම්පික රණවක. දුමින්ද දිසානායක. පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු සහ දෙස් - වීදෙස් බෞද්ධ සැදැහැවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(විස්තර -නිමල කොඩිතුවක්කු  - ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment