වැල්ලවත්ත පන්සලේ ආරවුලක් නිසා බුදු පිළිමය වෙරළේ ගල් පර වෙත විසි කරලා

https://www.gossiplankanews.com/2018/09/wellawatte-budhdha-statue.html
වැල්ලවත්ත ශ්‍රී උපනන්ද බෞද්ධ මධ්‍යස්ථානයට අයත්ව තිබූ බුද්ධ ප්‍රතිමාවක් කිසියම් පිරිසක් ඒ ආසන්නයේ මුහුදු වෙරළට රැගෙන ගොස් දමා තිබියදී ඉකුත් සිකුරාදා (14) සො ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
 ඉකුත් 12 වැනි දින රාත්‍රියේ සිට
බුද්ධ ප්‍රතිමා

වහන්සේ අස්ථානගතව තිබූ බව එහි වැඩවසන හිමිනමක පොලිසියට පවසා තිබිණි.
ශ්‍රී උපනන්ද බෞද්ධ මධ්‍යස්ථානයට අයත් ඉඩමක් වෙනත් පිරිසක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කළ උත්සාහයකදී විහාරාධිපති හිමියන්
පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම පිරිස ඉවත් කිරීමෙන් පසු මෙම බුදු පිළිමය තැන්පත් කෙරිණි.
කිලෝ සියයකට අධික බරින් යුත් එම බුද්ධ ප්‍රතිමාව යම් පුද්ගලයන් දහ දෙනෙකුට අධික පිරිසක් තැන්පත් කර තිබූ ස්ථානයෙන් බුද්ධ ප්‍රතිමා රහසේ රැගෙන ගොස් මුහුදු වෙරළට දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
බම්බලපිටිය පොලිසිය වෙත එම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමට එම ස්ථානයට රැස්වූ බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයන් ද එක් වූ බව පොලිස් නිලධාරියෙක් පැවසිය. බම්බලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment