රාජපක්ෂ පවුලටම ජනපති අපේක්ෂකත්වය සින්න වෙලා - වෙල්ගම


පසුගියදා ඉන්දීය මාධ්‍ය අමතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයකින් කියැවුණ පරිදි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලටම පමණක් සීමාකිරීම නුසුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණ

අපේක්ෂකත්වයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් එයට දේශපාලන පළපුරුද්ද ඇති වෙනත් ජ්‍යෙෂ්ඨයන් තෝරාගත හැකි බවද වෙනත් පක්ෂවලින් පැමිණි අය කිහිපදෙනෙකුම ඒ සඳහා සුදුසු බව තමා සිතන බවද ඔහු පවසයි.
රාජපක්ෂ මහතා පාලන බලයේ සිටින කාලයේදී පවුලේ සාමාජිකයන්ට තැන ලබාදෙමින් ඔවුන් ඉහළින්ම ඔසවා තැබීම හේතුවෙන් බොහෝ ඇමතිවරුන් ඒ කාලයේ අමනාපව සිටි බවත් ඒ නිසාම ඇතැමුන් විරුද්ධව රහසේ වැඩ කළ බවත්  සිරිසේන වැනි පක්ෂය හැරයන අය බිහිවන තරමට එය ප්‍රබලවූ බවත් පෙන්වා දෙන වෙල්ගම මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකත්වය එම පවුලටම ලබාදීම පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමක් බවද පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment