පොහොට්ටු ශ්‍රීලනිප දිගටම වෙන වෙනම - ඡන්දෙට එන්නෙ පෙරමුණකින්


ඉදිරි මැතිවරණය පොදු ලකුණක්  යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම අතර මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි  වාර්තාවේ.
මෙහිදී බොහෝ දෙනාගේ

කැමැත්ත පළ වී තිබෙන්නේ  බුලත් කොළය ලාංඡනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය  යටතේ මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය යන්න බවද ප්‍රකාශ වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලාංඡනය. යටතේ තරග කරන බවට ප්‍රකාශ වීමත් සමග ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමටද එක්විය හැකි සලකුණක් හා පෙරමුණක් වෙනුවෙන් මෙම සාකච්ඡා ආරම්භ කර තිබේ.  මෙහිදී අත ලකුණ යටතේ තරග කළ යුතු බවට පිරිසක් යෝජනා කර තිබෙන අතර, තවත් පිරිසක් පොහොට්ටුව යටතේ තරග කළ යුතු බවට යෝජනා කර ඇතැයි වාර්තා වේ. ඒහෙත් බහුතරයකගේ අදහස වී තිබෙන්නේ සියලු දෙනාම එකට එකතු වී මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්නයි.
මේ අනුව බුලත් කොළය පොදු ලකුණ ලෙස යොදාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කළ යුතු බවට බහුතර පිරිසක් යෝජනා කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment