පාර්ලිමේන්තුව කැඳවූ පසු ජනපතිගේ මානසිකත්වය පිළිබඳ සොයා බලනවා- හරීන්

ජනාධිපතිවරයා හරියාකාර  මානසික තත්වයක නොමැති නම් ඉවත් කරන ආකාරය  පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  38(2) වගන්තියේ සඳහන්ව ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවූ පසු ජනාධිපතිවරයාගේ
මානසිකත්වය පිළිබඳ සොයාබැලීමට එක්සත් ජාතික පෙරමුණ කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක හරින් ප්‍රනාන්දු මහතා පෑවසීය.

 හෙතෙම මේ බව පවසා සිටියේ, අරලියගහ මන්දිරයේදී ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.  පුද්ගලයන්

ලෙස සියල්ලන්ටම රෝග වැලදෙන  බවත්, ඒ අනුව ඒවාට ප්‍රතිකාර ලබාගත යුතු බවත් එහිදී පෙන්වා දුන් හරීන් ප්‍රනාන්දු මහතා.

"ජනාධිපතිවරයා හරියාකාර  මානසික තත්වයක නැතිනම් ඉවත් කරන ආකාරය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  38(2) වගන්තියේ සඳහන්ව තිබෙනවා. ගමේ ග්‍රාමසේක ලෙස හැසිරෙමින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.
පාලිමේන්තුව ඇරඹූ පසු  මොහුගේ මානසිකත්වය පිළිබඳ සොයා බලන්න අපි කටයුතු කරනවා අපි කාටත් විවිධ රෝග සෑදෙනවා. ඒවාට ප්‍රතිකාර ලබාගත යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප සමග එක්වූ මනුෂ නානායක්කාර මහතාට දැන් විවිධ මඩ ප්‍රහාර එල්ල වෙනවා. මේ රට යන්නේ කොතැනටද? ජනාධිපති එල්. ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීමටත්, උතුරේ ඉඩම් නිදහස් කිරීමටත් සූදානමේ යැයි කරු අම්මාන් ට්විටර් පණිදීවුඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. මොවුන්ගේ දේශපාලන විහිළු මානවාද? කන්න අවශ්‍ය වූ විට කබරගොයත් තලගොයා කරන දේශපාලන ප්‍රතිපත්ති මොවුන් අනුගමනය කරන බව පැහැදිලියි.  තවත් හොද ප්‍රවෘත්ති එකක් හෝ දෙකක් අද හෙටම ලබා දීමට හැකි වේවි. දැන් ඔවුන්ගේ වැඩ සුන්. බබා වගේම බබාගේ ආච්චිත් සුන්. අපි 14 වැනිදා පාර්ලිමේන්තු බහුතරය විමසනවා. එවිට සියලු දේ යහපත් තත්වයට පත්වේවි” යැයිද පැවසීය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment