විශ්වාසභංග යෝජනාව පිළිගන්නා ලෙස මෛත්‍රීට ඇමරිකාවෙන් ලිපියක්


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ අධිපත්‍යයට අනුව පාර්ලිමේන්තුවේදී සම්මත වු විශ්වාසභංග
යෝජනාව පිළිගන්නා ලෙස අමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිපියකින් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් පහ කිරීම හා විශ්වාසභංග යෝජනා දෙකක් ප්‍රතික්ෂේප කිරීම ගැටලුකාරී බව පෙනී යන්නේ යයි

ඔහු දක්වා ඇත.

මින් ඉහත මහනුවර දිගන ඇතිවූ සිද්ධිදාමය සම්බන්ධයෙන්ද ඇමරිකාවේ අවධානය යොමුවූ බව දක්වා ඔහු විසින් ජනපතිවරයාට ඒ දිනවල ලිපියක් යොමු කර තිබුණි.

ජනපති මෛත්‍රී බලයට පත්වූ පසු 2015 වසරේ සිට අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව වර්ධනය වූ බවත් ලංකාවේ ්‍රපජාතන්ත්‍රවාදය ගැන සතුටු වූ බවත් දක්වන ඔහු ගත වූ සති කිහිය තුළ ඇති වූ සිද්ධීන් නීතියේ අධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අවදානමක් බවද පවසයි.
 නීතියේ අධිපත්‍යය ආරක්ෂා කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමටත් පියවර ගන්නා ලෙස  ඔහු සිය ලිපියෙන් මතක් කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment