ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද 10 නෙමේ හෙට 11 ?

නපතිවරයාගේ ගැසට් පත්‍රයක් ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවන්නට කරන ලද නියෝගය ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය පසුගිය 7 වන සිකුරාදා අවසන් කළ අතර එහි තීන්දුව ලබාදීම පසුවට කල් තැබිණි. මුලින් එම තීන්දුව ලබාදෙන්නේ අද 10 බවට වාර්තා පළවුවත් තීන්දු දිනය නියමයකින් තොරව විභාගය අවසන් විය. බොහෝ දුරට එය 15ට පෙර ලබාදෙනු ඇති බවට ආරංචි පළව තිබෙන අතර රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තීන්දුව අද 10 නොවේ නම්

හෙට 11 අපේක්ෂා කරන බවයි.
මෙම තීන්දුව නිසා 13 වනදාට දින යොදාගත් එජාපයේ ජනබල මෙහෙයුම 17 දක්වා කල් තබා ඇති බව රනිල්ගේ නිවේදනයේ වැඩිදුර දැක්වේ.
මේ අතර ජනපතිවරයා පසුගියදා ශ්‍රීලනිප සම්මේලනයේදී පොරොන්දු වූ පරිදි සතියක් ඇතුළත මෙම අර්බුදය නිමාකරන බව කියා සිටි අතර එම සතිය නිමාවන 7 වන දිනය වන්නේද හෙට 11 යි. අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා අතරම එම තීන්දුව සමඟ ගත යුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (9) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින් කියා ඇත..
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment