සිරිසේනගේ කුමන්ත්‍රණයෙන් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයත් අනතුරේ.

   
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය, ජීඑස්පී ප්ලස් සහනය හා පොදුරාජ්‍ය මණ්ඩලයීය හා ඇති සම්බන්ධතාවයන්ට ගැටලු ඇතිවෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තව දින 29කින් ජනපතිවරණයක් කැඳවිය හැකි බවත් ඒ අනුව ජනපතිවරණයක් පවත්වන ලෙසත් ඔහු සඳහන් කළේය. ඉන් අනතුරුව පවත්වන ජනපතිවරයාට තුනෙන් දෙකක බලයක් සහිතව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහාය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම පාර්ලිමේන්තුවේ තම පක්ෂයට 113ක් ඇති බවත් එය 12 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන්වීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment