සිරිසේන ඉරණමඩු ජලාශයේ ඉතිහාසය විකෘති කරයි : වාන් දමන ඉරණමඩුව පළමු බිල්ලත් ගනියි.


ඉරණමඩු ජලාශය මුලින්ම ප‍්‍රතිසංස්කරණය කොට 1954දී කෘෂිකර්ම ඇමති ඩඩ්ලි සේනානායක විසින් විවෘත කිරීම සහ අගමැති ඩී. එස්. සේනානායකගේ ඊට දායකත්වය සඳහන් කරමින් ස්ථාපිත කොට තිබූ සමරු ඵලකය සම්පූර්ණයෙන්ම විනාශ කොට එතැන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ නම සඳහන් සමරු ඵලකයක් ඉදි කොට ඇතැයි sundaytimes.lk වාර්තා කර සිටී.

කිලිනොච්චියේ මැණික ලෙසින් විරුදාවලිය ලත් මෙම ජලාශය ඉදි කිරීම 1906දී ආරම්භ වූ අතර, කෘෂිකාර්මික කටයුතුවලට ජලය ලබා ගැනීම සඳහා එය යොදා ගැනීම 1926දී ආරම්භ කරනු ලැබීය.



2016දී ඇරඹි නැවත ප‍්‍රතිසංස්කරණය රු. මිලියන 2,130ක වියදමකින් 2018 අගොස්තු මාසයේදී අවසන් කෙරින. එය පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා විසින් විවෘත කළේය.

පැරණි සමරු ඵලකය වෙනත් තැනක ස්ථාපිත කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් අධ්‍යක්ෂ වී. පේ‍්‍රමකුමාර් පවසයි.

නමුත්, ප‍්‍රදේශයේ චාරිකා කළ මාධ්‍යවේදීන්ට දැක ගත හැකි වූයේ එය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි.



පළමු බිල්ල

මේ අතර ජලය පිරුණු ඉරණමඩුව වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු ඊයේ (09) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ චාවකච්චේරි,මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ඩිලක්ෂන් නමැති පුද්ගලයෙකු එලෙස දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජලය පිරුණු ඉරණමඩුව වැවේ වාන්දොරටු පසුගිය 07 වැනිදා විවෘත කළ ඊයේ දිනයේදීද වාන් දොරටු හතරක් විවෘත කොට තිබී ඇති අතර,වාන්දමන ජලයේ දිය නෑමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා‍ ජලයේ ගිලී ඇති බව පොලිසිය පැවසීය.

වාන් දමන ඉරණමඩුව වැව නිරීක්ෂණයට විශාල පිරිසක් එක්ව සිට ඇති අතර, එලෙස පැමිණි පුද්ගලයෙකු දිය නෑමට ගිය අවස්ථාවේ ජලයේ ගිලී ඇත.

දියේ ගිලුණු පුද්ගලයා කිලිනොච්චිය පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් ගොඩගෙන ඇති අතර,ගොඩගන්නා අවස්ථාවේදී අදාළ පුද්ගලයා මියගොස් සිට ඇති බව පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයාගේ සිරුර කිලි‍නොච්චිය රෝහල් මෘත ශරීරාගා‍රයේ තැන්පත් කොට ඇති අතර,සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මේ අතර ජලය පිරුණු ඉරණමඩුව වැවේ ජලය ගලා යන වාන් ඇළට වැටුණු කුඩා දැරියක්ද ඊයේ සවස ප්‍රදේශයේ තරුණයින් බේරාගත් බව ප්‍රදේ‍ශවාසීන් පැවසීය.

ප්‍රදේශවාසීන් පැවසූවේ ජලය ගලායන ආකාරය දැක ගැනීමට පැමිණි දැරියක් එලෙස බැම්මෙන් පහළට වැටී ඇති අතර,ප්‍රදේශ‍යේ තරුණයින් විගස ක්‍රියාත්මක වි දැරිය ගොඩගෙන ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment