ඒ අනුව හෙට උදේ 8.30 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඇමතිවරුන් 28 ක් දිවුරුම් දෙන බව වාර්තාවේ. නව අමාත්‍ය මණ්ඩලය යටතේ මංගල සමරවීර මහතාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ද, රවී කරුණානායක මහතාට විදුලිබල හා බල ශක්ති අමාත්‍ය ධුරය ද, සාගල රත්නායක
මහතාට වරාය හා නාවුක අමාත්‍ය ධුරය ද, චම්පික රණවක මහතාට මහා නගර හා බස්නාහිර අමාත්‍ය ධුරයද, රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද හිමිවනු ඇතැයි වාර්තාවේ.
ඇමති ධූර ලබාදෙන ලෙස ජනපතිට යෝජනා කරන ලද ලැයිස්තුවේ 36 ක් නම් තිබුණ බවත් ශ්‍රීලනිපයෙන්
ඊට අමතරව එජාපය යෝජනා කළ සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ නම්ද ජනපති කපාදමා තිබේ.
ඇමතිවරුන් පත්කිරීම ගැන එජාපය හා මෛත්‍රි ජනපති අතර දිගින් දිගටම ගැටලු පැවති අතර එය හෙට (20) දක්වා කල්ගියේද මේ නිසාය.
යෝජිත මන්ත්‍රීවරුන් 36 දෙනොගේ නම් ලැයිස්තුව අද (19) පස්වරුවේ යවනු ලැබූ පසු රටේ අකර්මන්‍යතාව ඉක්මනින් විසඳාලීමට ඇති අවශ්‍යතාවත් ජනපති හෙට පස්වරුවේ විදෙස්ගතවීමත් මුල් කරගෙන උදෑසනින්ම ඇමතිවරුන් පත්කිරීමට යොමු විය.
පැවති ජාතික ආණ්ඩුවේ මුදල් ඇමැතිධූරයෙන් ඉවත් වූ රවි කරුණානායකට යලි මුදල් ඇමති ධූරය දෙන්නට අගමැති රනිල් යෝජනා කළද ජනපති කැමතිවී නැත. ඒ වෙනුවට එම තනතුර මංගලට දී රවීව විදුලි බල ඇමති කරන්නට යෝජනා වී ඇත.
තමා ඝාතන ප්‍රයත්නයට සම්බන්ධ බවට මෛත්‍රී ජනපති චෝදනා කරන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග එකට කැබිනට්
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට (20) උදේ දිවුරුම් දෙද්දී ඇමැතිවරුන් සඳහා පැවරෙන විෂය පථයන් ඇතුළත් දළ ලැයිස්තුවක් ද මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සමඟ ප්‍රසිද්ධ කෙරෙනු ඇතැයි වාර්තාවේ.
0 comments :
Post a Comment