රනිල් අගමැති ලෙස ඉරිදා දිවුරුම් දේ 30 දෙනෙකුගේ කැබිනට් මණ්ඩලය සඳුදා ඇමති ධූර වලට ශ්‍රීලනිප 6 කුත්?

https://www.gossiplankanews.com/2018/12/30-6-rnil-sworn-in-sunday.html
හෙට 15 සෙනදුරාදා දැනට අතුරු තහනමට ලක්වූ අගමැති තනතුර දරන මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අනිද්දා 16 ඉරිදා රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි හෙළි කරයි.
ඊයේ කතානායක කරු ජයසූරිය සමග ජනපතිවරයා මේ ගැන කතා කර තිබූ බවත්
අද මහින්දගේ අතුරු තහනම ඉවත් නොවන තීන්දුව ලද පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිලිබදව සාකච්ජා කර ඇති බවද වාර්තාවේ.
පසුගිය ඔක්තෝබර් 26 වනදා සිට දෙසැම්බර් 15 දක්වා දින 50 ක් පුරා රඟ දැක්වූ දේශපාලන නාටකය ඒ සමග අවසන් වන අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන ලබාගත් සියලු තීන්දු හා බෑ බෑ කියූ දේ සියල්ල යළි ආපස්සට ගැනීමට මේ අනුව සිදුව තිබේ.
වාර්තාවන ආකාරයට එළඹෙන ඉරිදා උදෑසන 10 ට ජනාධිපතිවරයා ඉදිරියේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.
නව ඇමති මණ්ඩලය මෙම ඉරිදා සවස් භාගයේ හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත අතර
නව කැබිනට් මණ්ඩලයට එජාපයට සහය දීමට කැමතිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 6

දෙනෙකුද ඇතුළත්වන බවට ආරංචි පැතිර තිබේ. කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි ද වාර්තාවේ.
කෙසේ වෙතත් ඇතිවූ දේශපාලන වියවුලෙන් පසු ශ්‍රීලනිපය හා එජාපය අතර හවුල් ගිවිසුම් කිසිවකින් තොර එජාප ආණ්ඩුවක් මේ අනුව නිර්මාණය වෙයි.

පාර්ලිමේන්තුවේදී ද්‍රවිඩ සන්ධානය එජාපයේ බහුතරය පිණිස සහාය වනු ඇති අතර ඔවුනට ඇමති ධූර ඉල්ලා නැත. කෙසේ වෙතත් නව විපක්ෂය බවට සන්ධානය පත්වනු ඇති අතර බොහෝ දුරට නව විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂව තෝරා පත්කරගනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment