ගංවතුර අනාථයන්ට අරන් ගිය වියළි ආහාර බේබදු කොල්ලෝ පැහැරගෙන

කිලිනොච්චියේ කණ්ඩාවලෙයි රජයේ පාසලේ රඳවා සිටින ගංවතුර අනාථයන්ට බෙදා දීම පිණිස රැගෙන එන ලද වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් තරුණයන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බවට 24දා
කිලිනොච්චිය පොලීසියට
පැමිණිල්ලක් ලැබී තිබේ. අනාථ කඳවුර භාරව කටයුතු කරන නිලධාරීන් මේ පිළිබදව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

වියළි ආහාර ද්‍රව්‍ය පැහැරගෙන ගිය පිරිස බීමත්ව සිටි බවත් නිලධාරීන්ට ඔවුන් පරුෂ වචනයෙන් බැන වැදී
ආහාර ද්‍රව්‍ය බලහත්කාරයෙන් රැගෙන ගිය බවත් නිලධාරීන් පොලිසියට පැමිණිලි කොට තිබේ. පොලීසිය සැකකටයුතු තරුණයන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ නිලධාරීන් ගංවතුර අනාථයට නිසි පරිදි ආහාර ද්‍රව්‍ය බෙදා නොහරින බැවින් ඔවුන්ට රැගෙන ගිය ආහාර පාර්සල් ආහාර නොලැබුණු ගංවතුර අනාථයන් පිරිසකට බෙදා දුන් බවයි. කිලිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.


-රසාදි චතුරංගි ගමගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment