බ්‍රිතාන්‍යය තරුණියකට අතවර කිරීමට තැත්කළ තරුණයන් දෙදෙනෙක් හැටන්හිදී අත්අඩංගුවට

බ්‍රිතාන්‍යය ජාතික තරුණියකට හිරිඔතප් බිදිමට තැත්කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

නත්තල් සමය ගත කිරිම සමග 28 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික මෙම තරුණිය ඇයගේ පෙම්වතා සමග හැටන් කාසල්රි ජලාශය අසල පිහිටි සංචාරක නිකේතනයකට පැමිණ ඇති අතර, එම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිටි සැකකරුවන් දෙදෙනා බ්‍රිතාන්‍යය ජාතික තරුණිය නවාතැන්ගෙන සිට කාමරයට (26)
අලුයම 1.45 ට පමණ ගොස් දොරට තට්ටු කර ඇයව කාමරයෙන් ඉවතට ගෙන ඇයට අනවශ්‍ය ලෙස බලපැම් කරමින් හැසිරි ඇති බව පොලිසියට කල පැමිණිල්ලේ සදහන් කර ඇත.

එම සංචාරක නිකේතනයේදි බ්‍රිතාන්‍යය ජාතික තරුණිය සහ ඇයගේ පෙම්වතා සමග සැකකරුවන් දෙදෙනා සුහදතාවයක් ඇති කරගෙන මත්පැන් සාදයක්ද පවත්වා මෙම අතවරය ඒ අතරතුර සිදුකරන්නට තැත් කර තිබේ.
සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ජාතික තරුණිය එම සංචාරක නිකේතනයේ පාලන අධිකාරියට දැනුම් දිමෙන් පසු එම පාලන අධිකාරිය විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කල පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම සංචාරක නිකේතනයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා හැටන් දික්ඔය ප්‍රදේශයේ පදංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment