අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28දා) කිලිනොච්චියේ සංචාරය කිරීමට නියමිතව තිබේ. උතුරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සොයා බැලීම වෙනුවෙන් ඔහු මෙසේ කිලිනොච්චියේ සංචාරය කිරීමට නියමිතය.
මෙම සංචාරය අතර තුළදී පළාතේ දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය සේවකයන් මෙන්ම අග්‍රාමාත්‍යවරයා සහභාගිවන සාකච්ඡාවක්ද පැවැත්විමට නියමිතය.
එසේම ගංවතුර තත්ත්වයෙන් වැඩම හානියකට ලක්වූ ප්‍රදේශවලටද අග්‍රාමාත්‍යවරයා සංචාරය කිරීමට නියමිතය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment