ආසියාවේ ‌‌හොඳම සංචාරක ගමනාන්තය : ශ්‍රි ලංකාව.

   
ආසියානු මහාද්වීපය තුළ සංචාරය කිරිමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ. travellemming.com වෙබ් අඩවිය මගින් ලොකයේ ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගේන සමන්වත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් ආසියාව තුළ ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිව තිබේ.

ලෝකයේ මහාද්වීප හයකින් 2019 වසරේ සංචාරය කිරිමට සුදුසුම රටවල් තෝරා ගැනීම වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වීය. සුප්‍රකට ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින් 2019 වසරේදී ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ලෙස පසුගියදා ශ්‍රී ලංකාව නම් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ විවිධ අයුරින් සංචාරය කිරිම සඳහා අවස්ථා රාශියක් ඇති බවත් එසේම සාධාරණ මිල ගණන් යටතේ ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරිමට අවස්ථාවක් ඇති බවත්  ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳව හඳුන්වා දෙමින් සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment