මහින්ද විපක්ෂ නායක කිරීමේ තීරණයට එරෙහිව TNA උසාවියට යයි


විපක්ෂ නායක තනතුර ආර්. සම්පන්දන් මහතාගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට යයි.විපක්ෂ නායක තනතුරේ සම්පන්දන් මහතා කටයුතු කරමින් සිටියදී කථානායකවරයා විසින් ඔහු එම
තනතුරෙන් ඉවත් නොකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමේ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවට ප්‍රකාශ කළ අතර සම්පන්දන් මහතා තවදුරටත් විපක්ෂ නායකවරයා ලෙසට පිළිගන්නා ලෙසට අධිකරණයෙන් ඉල්ලීමට යන  බව දෙමළ ජාතික
සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජිකත්වය ලබා ගැනීම නිසා ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බැවින් විපක්ෂ නායක තනතුරට ඔහු පත්කළ නොහැකි බවට නඩු නිමිත්තක් ගොනු කිරීමටද තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එජනි සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කැබිනට් අමාත්‍ය ධුරයක් දරන බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂ නායක තනතුර ලබාදිය නොහැකි බවට එම නඩුවේදී අධිකරණයේ අවධානයට යොමු කෙරෙන බව එම ආරංචි  මාර්ග සඳහන් කරයි. තවත් නීති තර්ක කිහිපයක්ද ඇතුළත් කොට පැවරීමට යන මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය නම් කෙරෙන බවත් නඩුව විභාග කර අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක තනතුර දැරිම තාවකාලිකව අත්හිටුවීම සඳහා අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමට යන බවද දැනගන්නට ඇත.

-ජේ.ටී.ද.සිල්වා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment