සේනා දළඹුවා තුරන් කර දෙන්නැයි අනුරාධපුරේ දේව කන්නලව්

දිස්ත්‍රික්ක කිහිපයක වගාබිම් විනාශ කරන සේනා දළඹු උවදුර පහ කර දෙන්නැයි ඉල්ලා අනුරාධපුර ගොවින්
දේව කන්නලව්වක් පවත්වා තිබේ.
මෙම උවදුර හේතුවෙන් සිය බඩඉරිගු අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින අතර මේ වන විට දිස්ත්‍රික්ක රැසක බඩඉරිඟු සහ එළවළු වගාබිම් මෙම දළඹුවාට ගොදුරුවී  තිබේ. සේනා දළඹු උවදුර හේතුවෙන් පාරිභෝගිකයින් අදවන විට බඩඉරිගු මිළදී ගැනීමද ප්‍රතික්ශේප කරන නිසා ලද අස්වැන්නටද සාධාරණයක් නොවීම මත අපහසුතාවට ලක්ව ඇත.
මේ අතර දළඹුවන් මර්දනය කිරීම වෙනුවෙන් ගොවීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (16)  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment