ලොව හොඳම ''පොටෝජෙනික්'' ස්ථාන අතරින් පළමු තැන කොළඹ නගරයට

 සංචාරකයන් ඡායාරූප ගැනීමට වැඩියෙන්ම කැමති නගරය කොළඹ බවට ලොව ප්‍රකට හුවාවි ජංගම දුරකතන සමාගමෙන් සිදුකළ අධ්‍යයනයකදී තහවුරු වී ඇත. හුවාවි සමාගම මෙම අධ්‍යයනය  සිදුකර ඇත්තේ
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවූ ඡායාරූප හා සටහන් ලක්‍ෂ 13 ක් සලකා බලමිනි.

මේ අනුව කොළඹ නගරය 2019 වසරේදී ඡායාරූපයක් ගැනීමට ඉතාම සුදුසු සංචාරක ස්ථාන අතුරින් ප්‍රථම  ස්ථානයට පත්වී ඇත.  එහි දෙවැනි තැන ජපානයේ යොකෝහමා නගරයටත්

තෙවැනි තැන උගන්ඩාවේ 'මිගහින් ගෝරිල්ලා ජාතික වනෝද්‍යානයටත් හිමි වී ඇත.
ජර්මනිය බාඩින් බාඩින් නගරය සිව්වැනි තැනට පත්වී ඇත. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එම නගරයේ පිහිටි ''කළු වනාන්තරයයි''  කැරිබියානු දූපතක් වන පුවර්ටෝ රිකෝ හි ඕල්ඩ් යැන් හුවාන් නගරය පස්වැනි තැනට පත්වී තිබේ. සිම්බායි හි විටෝරියෝ ෆෝල්ස්' හයවැනි තැනටත්, පාකිස්තානයේ නවාල් දිස්ත්‍රික්කයේ කරිතාපූර් හත්වැනි තැනටත් පත්ව ඇත.
ජෝර්දානයේ ජාතික උද්‍යානයේ ''වාඩි රමි" අටවැනි  ස්ථානයටත් ඇලස්කාවේ හූනාහි අයිසි' සමුද්‍ර සන්ධිය නවවැනි තැනටත් පත්වී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment