සරසවි වරම් අහිමිවූවන්ට වැඩිදුර ඉගෙනීමට පොළී රහිත ශිෂ්‍ය ණය

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අමුණින් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් දියත් කිරීමට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 2017 අ.පො.ස. (උ.පෙළ)
විභාගයෙන් විශ්වවිද්‍යාල
ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවද රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තේරී පත් නොවූ ශිෂ්‍යයන් හට ඔවුන්ගේ උසස් අධ්‍යාපන අපේක්ෂාවන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් මගින් ඉටුකර ගැනීමට මෙම ණය ආධාර ක්‍රමය උපකාර වේ.

මෙම ණය මුදල රුපියල් ලක්ෂ 8ක උපරිමයකට යටත්ව ලබාදෙන අතර පොලී රහිතව රුපියල් ලක්ෂ 3ක ශිෂ්‍යාධාර ණයක් අවශ්‍ය සිසුන් සඳහා ඉල්ලුම් කළ හැකිය. මේ පිළිබඳ වැඩිදුර විස්තර studentloans.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර සුදුසුකම් සම්පූර්ණ කළ අයැදුම්කරුවන් මෙම වෙබ් අඩවිය භාවිතයෙන් අයැදුම්පත් එවිය යුතුයි. මානව හා සමාජ විද්‍යා, වාණිජ්‍ය, ජීව විද්‍යා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉන්ජිනේරු තාක්ෂණය යන උපාධි පාඨමාලා මෙහිදී හැදෑරීමට අවස්ථාව විවර වේ.


-ජයත් ශ්‍රි බණ්ඩාර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment