යටිනුවර වීදියේ ගොඩනැගිල්ලේ ගින්න හොරකමක් නිසාද? මුලින් හටගෙන ඇත්තේ සැලුන් එකකින්

https://www.gossiplankanews.com/2019/01/kandy-fire-update.html#more
සුගියදා රටේ අවධානය යොමුවූ මහනුවර යටිනුවර වීදියේ සයමහල් ගොඩනැගිල්ලේ ගින්න සොරකමක් සිදු කළ අයෙකු සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැතිනම් තනි පුද්ගල ක්‍රියාවක්ද යන්න ගැන සැක පහළවී ඇතැයි ඒ ගැන පරීක්ෂණ සිදු කරන පොලිසිය දන්වා සිටී.
මහනුවර යටිනුවර වීදියේ සයමහල් ගොඩනැඟිල්ලේ ගින්න මුලින්ම හටගෙන ඇත්තේ එහි තිබූ සැලූන් එකක්
තුළින් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.
ගින්න නිසා විපතක් සිදුවන්නට ගිය සිය දරු පවුල බේරාගත් දමිළ ජාතික රාජ් රාම් මහතා  මුලින්ම පොලිසියට ලබාදී තිබූ කට උත්තරය අනුව උදෑසන 7 ට ත් පෙර එම ගොඩනැගිල්ලේ ව්‍යාපාර කටයුතු අරඹන කඩ සාප්පු නැති නමුත්

සිද්ධිය වූ දිනයේ එහි පිහිටි සැලුන් සාප්පුවකට ඇතුළුවූ නාඳුනන පුද්ගලයෙකු දුටු බවත් වාර්තා කර තිබේ. ඒ ගැන ඇතිවූ සැකය මත ඒ වෙත ගමන් කරන්නට තමා සූදානම් වූ අවස්ථාවේම එම ස්ථානයේ ගිනිගැනීමක් සිදුවන අයුරු දුටු බව පවසා තිබේ.
මේ නිසා මෙම ගින්න ඇරඹූනේ එම පුද්ගලයා සොරකමක් සිදු කර සාක්ෂි වසන් කිරීමට දැරූ උත්සාහයක් නිසා බවට සැක කරන බව ඔහු පවසා තිබුණි.
මේ ගැන තවත් සාක්ෂි විමසා තිබෙන පොලිසිය මෙම ගින්න හට ගැනීමට හේතුව සොයා බලා යද්දී ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කරද්දී ගින්නෙන් දිවි බේරා ගත් රාජ් රාම් මහතා මෙම ඒ කියන ගොඩනැඟිලි කොටසට පැමිණෙන අයුරු දිස්වෙන අතර ඒ අනුව ගින්න පිළිබඳව ඔහු කළ ප‍්‍රකාශය නිවැරදි බව ද පොලිසිය දන්වා ඇත.
 කෙසේ වෙතත් පහළ තට්ටුවේ පිහිටි මෙම සැලූනය කඩන හොරෙකු ඔහු කියන ආකාරයට පැමිණෙන බවක් කැමරාවලට හසුවී නැත.
 තවදුරටත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින් මෙම ගින්න පිළිබඳව එම ගොඩනැඟිල්ලේ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන පුද්ගලයන් කීප දෙනකුගෙන් ද ප‍්‍රශ්න කරගෙන යන අතර  මෙම ගින්න හටගත් මොහොතේ එම ගොඩනැඟිල්ලේ ව්‍යාපාරිකයන් අතර සිදු වූ දුරකථන සංවාද කිහිපයක් ගැන සැකසහිත කරුණු මතුවී තිබේ.
මෙම ගින්න පිළිබඳව ස්ථිරව සැකයක් පහළ වෙන නමුත් රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් එය ස්ථිරව සනාථ කළ නොහැකි බව ද පොලිසිය දන්වා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment