මෙගන් මාර්කල් - රාජකීය දරු උපත අප්‍රේල් අග


 බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ අලුත විවාපත් බිරිය වන හොලිවුඩ් නිළි මෙගන් මාර්කල් පසුගිය කාලයේ ලෝකයේ වැඩිම කථාබහට ලක්වූ තැනැත්තිය බවට පත්ව තිබුණි. 2018 මැයි මස ලෝකයේම අවධානය
ලබාගනිමින් ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමෙන් පසුවත් විවිධ කතන්දර ඔවුන් සම්බන්ධව වාර්තා විය.

මේ අතර ඇය ගැබිනියක බව රාජකීය මාලිගය නිල වශයෙන් දැනුම් දෙන ලද්දේ පසුගිය ඔක්තෝබර් මාසයේය. කෙසේ වෙතත් නව රාජකීය දරු උපත සිදුවන කාලය හෙළි කර තිබුනේ නැත.

බ්‍රිතාන්‍යයෙන් ලැබෙන අලුත්ම ආරංචි වලින් එම දින වකවානුව තහවුරු කර ඇති අතර එරට පළවන ‘පීපල්‘ පුවත්පත හෙළිදරව් කර සිටින්නේ 2019 අප්‍රේල් මස අග සතියේ මෙගන් මාර්කල් දරුවා බිහිකරනු ඇති බවයි.

අද (14) සඳුදා එංගලන්තයේ Birkenhead කළ සංචාරයක් අතරතුර මෙගන් විසින්ම මෙම හෙළිදරව්ව කර ඇත්තේ ඇය වටකරගත් පිරිස් ඉදිරියේය. දරු ගැබට මාස 6 ක් බවත් දරුවා අප්‍රේල් අග ලැබෙන බවත් ඇය කියා තිබේ.

මෙම තොරතුර මේ වනවිට බ්‍රිතාන්‍ය මාධ්‍ය වලට විශේෂ වූ පුවතක් බවට පත්ව ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment