ගුරු විදුහල්පති ලෙඩ නිවාඩු නිසා රජයේ පාසල් කටයුුතු බිඳ වැටේ

https://www.gossiplankanews.com/2019/03/school-strike.html#more
තිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව ගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට  අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන රටපුරා පාසල් රාශියක කටයුතු අඩාලවී තිබෙන බව වාර්තාවේ.සියලුම ගුරුවිදුහල්පතිවරුන් අද (13දා) අසනීප
නිවාඩු වාර්තා කර තිබෙන නිසා පාසල්වල සිසුන් පමණක් ඉතිරිවී අතරමංවූ ස්වරූපයක් වාර්තාවී ඇත.
මෙම වර්ජනයට හේතුව පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ උසස් වීම් ගැටලු විසඳීම, පාසල් නඩත්තුවට දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නවතා දැමීම, දරුවන්ගේ විනය ආරක්ෂා කරන ගුරුවරුන්

ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම ඇතුළු තවත් ගැටලු කිහිපයකි.
මේ ගැටලු ගැන කියන්නට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට ගොස් විරෝධතාවක් කරද්දී ජල පහර කෑ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් එතැනින් එළවා දැමූයේ ඉතා අමානුෂික ආකාරයටයි.
අද මෙම ගැටලු වෙනුවෙන් නුගේගොඩ ගුවන් පාලම අසල ඇතුළුව ස්ථාන 20ක උද්ඝෝෂණ පැවැත්වීමටත් නියමිතය.
පවතින ගැටලු විසඳාගැනීම සඳහා බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා සියල්ලම අසාර්ථක වූ බවත්, මේ නිසා වැඩවර්ජනයකට යෑමට සිදුවූ බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේය.
අද දිනයේදී පාසල් දරුවන්ට සිදුවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත්, මෙම ක්‍රියාමාර්ගයට නිසිලෙස ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment