ජල බේසමකට වැටී ළදරුවකු මියයයි


පන්නිපිටිය රත්මල්දෙණිය ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි තබා තිබූ අඩක් ජලය පිරවූ බේසමකට ඇද වැටීමෙන් අවුරුදු දෙකක් වයසැති ළදරුවකු ඊයේ (11දා) මියගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.

මියගිය ළදරුවා තම මව, සහෝදරයා සමඟ නිවසේ නිදා සිටි අතරතුර මවට
හොරෙන් අවදිවී මුළුතැන්ගෙට ගොස් එහි තිබූ ජල බේසමට මුණින් අතට ඇද වැටී ඇති බවත් පසුව මව විසින් දරුවා ජල බේසමට වැටී සිටිනු දැක හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඒ වන විටත් ළදරුවා මියගොස් සිට ඇතැයිද පොලිස් නිලධාරීන් පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය රත්මල්දෙණිය වෙදවත්ත පාරේ පදිංචිව සිටි ගිනිගල්ගොඩගේ දුනිර කල්මිත ද සිල්වා නමැති ළදරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් පරීක්‍ෂණ කටයුතු සිදුකළ අතර මහරගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පො.කො. කුමාර මහතා විසින් පොලිස් පරීක්‍ෂණය සිදු කරන ලදී.

පනාගොඩ - චම්පා ජීවන්ති


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment